Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නෑ

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නෑ

editorial - 2021 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම නොගන්නා බව පැවසීය. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් විසින් සිදුකරනු ලබන“චිලිං විත් රසල්” යූ ටියුබ් වැඩසටහන සඳහා එක්වෙමින් මාලිංග මෙම අදහස් දැක්වීම සිදුකරන ලදී.

“යමෙකු රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් තරඟාවලියට සහභාගී වීමට නම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත යුතුයි. නමුත් මම විශ්‍රාම යන්නේ නෑ” යනුවෙන් මාලිංග පැවසීය.

ලබන වසරේ පැවැත්වෙන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් එක්වන ලෙස කණ්ඩායම් කළමණාකරු ශාම් ඉම්පෙට් මහතා කළ ඉල්ලීමට පිළිතුරු ලෙස මාලිංග එසේ පැවසීය.

”විස්සයි20 ලෝක කුසලානය ගැන නෙවේ මම කියන්නේ. මම විශ්‍රාම යන්නේ නැහැ. මට තවමත් පන්දු 24 ක් කඩුල්ල කෙලින් යවන්න පුලුවන්” යැයි මාලිංග පැවසීය.

“මට කිලෝමීටර් 2 නියමිත වේලාවට සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසයි මම ගෙදර ඉන්නේ. කෙසේ වෙතත් මට කිසිදු ගැටළුවක් නොමැතිව පැය 2 ක් පමණ පන්දු යවන්න පුලුවන්” සංචාරයකට එක්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නියමිත කාලයක් තුල කිලෝමීටර් 2 ක දුරක් සම්පූර්ණ කිරීම අනිවාර්ය කිරීම පිළිබඳව අදහස් දක්වමින් මාලිංග මෙසේ පැවසීය.

“මට කෙළින් පන්දු 24 ක් යවන්න පුලුවන්. මට පන්දු 200 ක් පවා පන්දු යවන්න පුලුවන්. නමුත් කිලෝමීටර් 2 ක යෝග්‍යතා පරීක්ෂණය කරන්න බැරි නිසා මම ගෙදර ඉන්නවා. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 මට්ටමින් දස්කම් දැක්වීමට තමාට තවමත් හැකියාවක් ඇති බව මාලිංග තවදුරටත් කියා සිටියේය.

“මම නවසීලන්තයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත්තා. ඒ වන විට මට වයස අවුරුදු 37 යි. එම අවස්ථාවේදී කිසිවෙකු මගේ බඩ හෝ යෝග්‍යතාවය පිළිබඳව පැමිණිලි කළේ නෑ. කවුරුත් ඒ ජයග්‍රහණය අත්පොලසන් දීලා සතුටින් බාරගත්තනේ” යැයි පැවසීය.

- 2079

 


අදහස් (2)

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නෑ
  • Dr. Wijitha Paranagama Tuesday, 15 June 2021 01:13 AM

    විශිෂ්ඨයි මාලිංග... ඔහොම යං සුබපැතුම්.. !!!

    Reply 0       0

    ඉල්ෂාන් Tuesday, 15 June 2021 05:52 PM

    මේ දන්නේ නැති නිසා අහන්නේ ටෙස්ට් වලින් විශ්‍රාම ගියේ ගොඩාක් වෙලා පන්දු යවන්න බැහැ කියලා නේද? එතකොට කොහොමද අවුරුදු ගාණකට පස්සේ දැන් එකපාරටම පන්දු 200 වුණත් යවන්න පුළුවන් වුනේ?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.