Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
වසර 118 කට පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන නවසීලන්ත රග්බි කණ්ඩායම (කිලෝ ග්‍රෑම් 85 න් පහළ) ට එරෙහිව නිත්තවල ක්‍රීඩා පිටියදී ඉතා හොඳ තරඟයක් දීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක නයිජල් රත්වත්ත පවසයි. ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පවසා සිටියේ තම කණ්ඩායම මේ වන විට ඉතා සාර්ථක පුහුණුවීම් සැසි කිහිපයක්ම පවත්වා ඇති බවයි.
නවසීලන්ත නායක ජරාඩ් පර්සිවල් පවසා සිටියේ තම කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නවතම අත්දැකීමක් වනු ඇති බවයි.
නවසීලන්ත රග්බි කණ්ඩායම (කිලෝ ග්‍රෑම් 85 න් පහළ) සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් රග්බි තරගාවලියේ පළමු වැන්න හෙට (ඉරිදා) නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි. මෙම තරගය සම්බන්ධයෙන් කැන්ඩි මිස්ට්බයි සිනමන් හෝටලේදී පැවැති මාධ්‍ය හමුවකදී දෙපිලේ නායකයෝ එසේ කියා සිටියහ.
මෙම සංචාරය සඳහා අනුග්‍රාහකත්වය දක්වන මැලිබන් බිස්කට් ආයතනයේ නිල දායකත්වය සංකේත වශයෙන් පිරිනැමීමද දෙපිලේම රග්බි බැනියම් නිල වශයෙන් එළිදැක්වීමද එහිදී සිදුකෙරුණි.
ඉරිදා නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය රග්බි ලෝලීන් සඳහා සම්පූර්ණයෙන් නොමිලයේ විවෘත කිරීමට තරඟ සංවිධාකයන් තීරණය කර තිබේ.
ඊයේ (2 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා නවසීලන්තයේ ශ්‍රී ලංකා තානාපති ඩේවිඩ් පින් මහතාද මැලිමන් බිස්කට් පුද්ගලික සමාගමේ විධායක නිලධාරි රවී ජයවර්ධන, නවසීලන්ත පිලේ පුහුණුකරු නඟාටා වෝකර්, නවසීලන්තපිලේ කළමනාකරු ග්‍රාන්ට්විල්සන්, මැලිබන් ආයතනයේ සන්නිවේදන ප්‍රධානි පෝෂිත පෙරේරා, අලෙවි ප්‍රධානී මිලින්ද වීරසිංහ, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික රොහාන් අබේකෝන්, ශ්‍රී ලංකා රග්බි ආයතනය වෙනුවෙන් ගෘප් කපිතාන් නලින් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
දෙපිලේ රග්බි ජර්සි එළිදැක්වූ අවස්ථාව.
නිල අනුග්‍රාහකත්වය සංකේත වශයෙන් පිරිනැමූ අවස්ථාව.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.