Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෙරළ වොලිබෝල් පිල අර්ධ අවසන් පූර්ව වටයට
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

වෙරළ වොලිබෝල් පිල අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වෙරළ‍ වොලිබෝල් පිරිමි ඉසව්වේ ඊයේ (4 වැනිදා) රාත්‍රියේ පැවැති මූලික වටයේ තරගයකදී ශාන්ත ‍කිට්ස් සහ නෙවීස් දූපතට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමින් එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලකුණු 21/11 ක් ලෙස පළමු වටය ජයගත් ශ්‍රී ලංකාවේ මලින්ත යාපා සහ අෂේන් රෂ්මික, දෙවැනි වටය ජයගත්තේද ලකුණු 21/11 ක් ලෙසිනි. එහිදී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ ශාන්ත ‍කිට්ස් සහ නෙවීස් දූපතේ ක්ලෙයාර් හොජ් සහ ෂොන් සීබෘක්ස්ය.

මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාව එහිදී කැනඩාව හමුවේ වට 2-0 ක් ලෙසද, ගැම්බියාව හමුවේ වට 2-1 ක් ලෙසද පරාජයට පත්විය. එබැවින් ශ්‍රී ලංකාවට අද පැවැති තරගය වඩාත් තීරණාත්මක වී තිබිණ. ඊට හේතුව ‘ඒ’, ‘බී’ සහ ‘සී’ යන කණ්ඩ තුනේ ශූරයන්ට සහ අනු ශූරයන්ට අමතරව එම කාණ්ඩ තුනෙන් තවත් කණ්ඩායම් 2 ක් අවසන් පූර්ව වටයට ‍තෝරා ගැනීමය.

ඒ අනුව එම කණ්ඩායම් 2 අතරට පත්වීම සඳහා ‘ඒ’ කාණඩයේ තෙවැනියා ලෙස ශ්‍රී ලංකාවත්, ‘බී’ කාණ්ඩයේ තෙවැනියා ලෙස දකුණු අප්‍රිකාවත්, ‘සී’ කාණ්ඩයේ තෙවැනියා ලෙස සයිප්‍රසයත් දැඩි උත්සාහයක නිරත වූහ. ‘ඒ’ කාණ්ඩයෙන් කැනඩාව සහ ගැම්බියාවත්, ‘බී’ කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව සහ රුවන්ඩාවත්, ‘සී’ කාණ්ඩයෙන් නවසීලන්තය සහ එංගලන්තයත් අවසන් පූර්ව වටයට කල් තියාම සුදුසුකම් ලබා සිටිහය.

කෙසේ වුවත් මූලික වටයේදී එම කණ්ඩායම් ලබාගත් ලකුණු සහ ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණු අතර පරතරයන් අනුව ශ්‍රී ලංකාව සහ සයිප්‍රසය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ. අවසන් පූර්ව වටයේ තරග අද (6 වැනිදා) ආරම්භ වනු ඇත. එහිදී ශ්‍රී ලංකාව ‍ඕස‍්ට්‍රේලියාවට ‍එරෙහිව ශ්‍රී ලංකා‍ වේලාවෙන් පස්වරු 3.30 ට තරග වැදීමට නියමිතය.


අදහස් (0)

වෙරළ වොලිබෝල් පිල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.