Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ අද (27 වැනිදා) පැවැති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 41-24 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 21-12 ක් ලෙස රාජකීයයෝ පෙරමුණ ගත්හ. එහිදී රාජකීය විදුහල ගෝල දිනුම් 3 ක් මගින්ද, ඩී.එස්. සේනානායක විදුහල ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත්හ.
දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ රාජකීය විදුහල ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් තවත් ලකුණු 20 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්තේය. ඩී.එස්. සේනානායක විදුහලට ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් දෙවැනි අර්ධයේදීද ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.
සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ වෙස්ලි විදුහල පරාජය කළ ඉසිපතන විදුහලට එරෙහිව රාජකීය විදුහල එළබෙන 11 වැනිදා පස්වරු 4.15 ට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී දෙවැනි අවසන් පූර්ව තරගයට පිවිසීමට නියමතිය.
ඡායාරූප - නිසල් බදුගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.