Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර - සී.එච්. තරගය ජය පැරදුමෙන් තොරයි
අන්තර් සමාජ රග්බි

මහනුවර - සී.එච්. තරගය ජය පැරදුමෙන් තොරයි

editorial - 2025 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් ශූරතා රග්බි තරගාවලිය යටතේ මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී ඉරිදා පැවති  මහනුවර ක්‍රීඩා සමාජ පිලත් සී.එච්. ක්‍රීඩා සමාජ පිලත් අතර රග්බි තරඟය ලකුණු 24-24 ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමාව දිටීය.

ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 17-05 ක් වශයෙන් මහනුවර පිල ඉදිරියෙන් විය.

එහිදී මහනුවර ක්‍රීඩා සමාජ පිල ගෝල දිනුම් 02 ක් සහ උත්සාහක දිනුම් 02 ක් මගින් ලකුණු රැස්කළ අතර සී.එච්. පිල ගෝල දිනුමක්, දඬුවම් උත්සාහක දිනුමක් සහ සහ උත්සහක දිනුම් 02 ක් මගින් ලකුණු රැස් කළේය.

කෙසේ නමුත් මෙම තරඟයේ අවසාන විනාඩි 05 ඉතාමත් උණුසුම් ස්වභාවයක් ගත් අතර සී.එච්. ක්‍රීඩකයන් මහනුවර ලකුණු සීමාව අසල උණුසුම් ක්‍රීඩා රටාවක නිරත වෙමින් සිටි අතර තරඟය නිමාවීමට තප්පර 30 ක් තිබියදී මහනුවර ක්‍රීඩකයන් තහනම් කලාපයට පැමිණීම හේතුවෙන් සී.එච්. ක්‍රීඩකයන්ට වාසි වන ආකාරයට පිට පිට 04 වතාවක් දඬුවම් පහර ප්‍රදානය කිරීම හේතුවෙන් තරඟය විනාඩි 02 ටත් වැඩි කාලයක් වැඩියෙන් පවත්වාගෙන යාමට සිදු විය.

කෙසේ නමුත් තරඟ විනිසුරු ගිහාන් යටවර මහතා එක්වරම සී.එච්. පිලට දඬුවම් උත්සාහක දිනුමක් ප්‍රදානය කරමින් තරඟය නිමා කිරීමත් සමඟ ක්‍රීඩා පිටිය තුළ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය විය.

මහනුවර පිල වෙනුවෙන් දහම් වික්‍රමාරච්චි උත්සාහ දිනුම් 02 ක්ද සහිඩ් සුම්රි සහ ඩිල්ෂාන් ෆරීඩ් යන ක්‍රීඩකයන් එක් උත්සහක දිනුම බැගින් ද වාර්තා කළ අතර සහීඩ් සුම්රි උත්සහක දිනුම් 02 ක් ගෝල දිනුම් බවට ප්‍රවර්තනය කළේය.

සී.එච්. පිල වෙනුවෙන් ජනිත් චන්දිමාල්, පුලස්ති දසනායක සහ මිලාන් වීරසිංහ එක් උත්සාහයක දිනුම බැගින් වාර්තා කළේය. මලීශ පෙරේරා එක් උත්සහක දිනුමක් ගෝල දිනුමක් බවට ප්‍රවර්තනය කළේය.


අදහස් (0)

මහනුවර - සී.එච්. තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.