Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුවර්ස් පිල මුල් ඉනිම ජයගනී
අන්තර් සමාජ පළමු පෙළ තරග

මුවර්ස් පිල මුල් ඉනිම ජයගනී

editorial - 2025 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර් ක්‍රීඩා සමාජ (පළමු පෙළ) තරගාවලියේ අවසන් මහ තරගය වෙත ඉලක්කය අල්ලමින් සිටින මුවර්ස් ක්‍රීඩකයෝ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (02 වැනිදා) නිමා වූ තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම හමුවේ මුල් ඉනිමේ ජයග්‍රහණයක් අත්පත් කරගත්හ. සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 412 ක් ලබාගත් මුවර්ස් පිල විසින් එස්.එස්.සී. පළමු ඉනිම ලකුණු 275 කට සීමා කරන ලදි. 

ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයේ සිටින මුවර්ස් (ප්‍රසාද ලකුණු 63.425) පිලේ මුල් ඉනිම ඉතා මන්දගාමී විය. ඔවුන්ගේ අරමුණ වූයේ මෙම තරගයේදී මුල් ඉනිමේ ජයග්‍රහණය අත්පත් කරගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ගෙන සිටින එන්.සී.සී. (ප්‍රසාද ලකුණු 71.410) පිලට අභියෝග කිරීමයි. ඒ හේතුවෙන් මුවර්ස් පිතිකරුවෝ දින එකහමාරක් තිසසේ ඕවර 116 ක් පුරා පන්දුවට පහර දෙමින් සිටියහ. ඉතිරිව තිබූ කාලය සීමිත බැවින් එස්.එස්.සී. පිතිකරුවන් වේගවත් පිතිහරඹයකට වන් නමුත් ලකුණු 77 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳවැටීම හේතුවෙන් ඔව්හු පසුපාදයට වැටුණහ. 

චරිත් අසලංක (66) සහ දසුන් ශානක (123) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 178 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් එයින් එස්.එස්.සී. පිලට අත්වූ ප්‍රයෝජනයක් නැත. වමතින් දඟ පන්දු යවන චනුක ඩිල්ෂාන් (95/6) එස්.එස්.සී. පිලේ විනාශකළ පන්දු යවන්නා විය. 

මුල් ඉනිමේ ජය අහිමි වූවත්, මුවර්ස් පිල වෙනුවෙන් පිට පිටම දෙවැනි අර්ධ ශතකය ලබාගත් පසිඳු සූරියබණ්ඩාර (61) සහ නායක රමේෂ් මෙන්ඩිස් (50) නිසා තරගයේ සම්පූර්ණ ජයක් කරා යාමේ අවස්ථාවත් එස්.එස්.සී. පිලට අහිමි විය. 

අන්තර් ක්‍රීඩා සමාජ (පළමු පෙළ) තරගාවලියේදී මේ දක්වා තරග 6 කට සහභාගි වී ඇතත් එස්.එස්.සී. පිල තවමත් සිය පළමු වැනි ජයග්‍රහණය සොයමින් සිටී. තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙයන් තරග කරන සිංහල ක්‍රීඩා සමාජය මේ වන  විට ප්‍රසාද ලකුණු පුවරුවේ පතුලටම වැටී සිටී. 


මුවර්ස් ක්‍රීඩා සමාජය - පළමු  ඉනිම කඩුලු 9 ට 412 යි
(ජනිෂ්ක පෙරේරා 87, සොහාන් ද ලිවේරා 36, කවිඳු කුලසේකර 12, ලසිත් අබේරත්න 83, පසිඳු සූරියබණ්ඩාර 85, දිනුක ඩිල්ෂාන් 42, රමේෂ් මෙන්ඩිස් 33, ප්‍රමෝද් මධුෂාන් 69/4, කවිඳු නදීෂාන් 51/2)

සිංහල ක්‍රීඩා සමාජය - පළමු ඉනිම 275
(ෂෙවොන් ඩැනියෙල් 20, ක්‍රිෂාන් සංජුල 32, චරිත් අසලංක 66, දසුන් ශානක 123,  රමේෂ් මෙන්ඩිස් 62/2, චනුක ඩිල්ෂාන් 95/6)

මුවර්ස් ක්‍රීඩා සමාජය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 171 යි
(සොහාන් ද ලිවේරා 29, පසිඳු සූරියබණ්ඩාර 61, සිතාර ගිම්හාන් 17, රමේෂ් මෙන්ඩිස් නොදැවී 50, නිම්නක ජයතිලක 50/3, චරිත් අසලංක 45/2)

සිංහල ක්‍රීඩා සමාජය - දෙවැනි ඉනිම කඩුලු 1 ට 105 යි
(නිපුන් ධනංජය 21, ෂෙවොන් ඩැනියෙල් නොදැවී 54, ක්‍රිෂාන් සංජුල නොදැවී 28)


අදහස් (0)

මුවර්ස් පිල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.