Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 50 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ලකුණු 14 ක් ලබා සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 11 න් 7 ක් ජයගෙන සිටින මුම්බායි ක්‍රීඩකයන් පරාජයට පත්ව ඇත්තේ තරග 4 ක් පමණි.
මුම්බායි කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (1 වැනිදා) ජායිපූර් නුවරදී පැවැති තරගයෙන් ලකුණු 100 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමෙන් අනතුරුවය. එතෙක් ඔවුන් ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවූ අතර එහි පෙරමුණ ගෙන සිටියේ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමය.
බෙංගලූරු කණ්ඩායමද තරග 10 කට සහභාගි වී ජයග්‍රහණ 7 ක් සහ පරාජයන් 3 ක් සමග ලකුණු 14 ක් ලබා සිටින නමුත් ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන්ට ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. මේ වන විට මුම්බායි කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය 1.274 ක් ලෙසද, බෙංගලූරු කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය 0.521 ක් ලෙසද සටහන් වේ.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 13 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ගුජරාට් ටයිටන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් තරග 6 බැගින් ජය ගෙන ලකුණු 12 බැගින් ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගය අනුව ගුජරාට් කණ්ඩායම සිවුවැනි ස්ථානයටත්, දිල්ලි කණ්ඩායම පස්වැනි ස්ථානයටත් පත්ව සිටියි.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් ලකුණු 10 ක්ද, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 9 ක්ද ලබා පිළිවෙලින් හයවැනි සහ හත්වැනි ස්ථානවලද, රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ලකුණු 6 ක් බැගින් ලබා අටවැනි සහ නමවැනි ස්ථානවලද පසුවෙති. චෙන්නාය සුපර් කිංග්ස් කණ්ඩායම අවසන් ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 4 කට හිමිකම් කියමිනි.
මේ වන විට මුම්බායි කණ්ඩායමේ සූර්යකුමාර් යාදව් තරග 11 කදී අර්ධ ශතක 3 ක් සමග ලකුණු 475 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර බෙංගලූරු කණ්ඩායමේ ජොෂ් හෙසල්වුඩ් තරග 10 කදී කඩුලු 18 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ රැදී සිටියි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.