Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රිද්මයානුකූළ ජිම්නාස්ටික් ඉසව්වේ අද (4 වැනිදා) පැවැති සුදුසුකම් ලැබීමේ අදියරේදී ක්‍රීඩිකාවන් 29 දෙනෙක් අතරින් 22 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ඇනා මේරි ඔන්ඩච්චි අසමත් වූවාය.
කොටස් 4 කින් සමන්විත වූ සුදුසුකම් ලැබීමේ අදියරේදී ඇනාගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 23.6 ක්, 21.85 ක්, 23.2 ක් සහ 21.9 ක් ලෙසිනි. ඒ අනුව අදියර 4 අවසානයේ ඇය ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 90.55 කි.
සුදුසුකම් ලැබීමේ අදියරේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගැනීමට සයිප්‍රස් සහ කැනඩා ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී සයිප්‍රසයේ ඇනා සොකොලෝවා ලකුණු 112.95 ක්ද, කැනඩාවේ කාමෙල් කැලීමා ලකුණු 111.65 ක්ද බැගින් ලබාගත්හ. එහි තෙවැනි ස්ථානයට පත්වූ ඕස්ට්‍රේලියාවේ ඇලෙක්සැන්ඩ්‍රා කිරෝයි ලබාගත් ලකුණු සංඛ්‍යාව 111 කි.
අවසන් වටර 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලටද සහභාගි වූ ඇනාට එහිදී ක්‍රීඩිකාවන් 16 දෙනකු අතරින් හිමිවූයේ 11 වැනි ස්ථානයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.