Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ඊයේ (31 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී මරදාන සහිරා විදුහලට එරෙහිව ලකුණු 27-20 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.
කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට සාන්ත තෝමස් විදුහල ලකුණු 20-08 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. දෙවැනි අර්ධයේදී ලකුණු 12 ක් රැස්කිරීමට සහිරා විදුහල සමත් වුවද, පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය සහ දෙවැනි අර්ධයේදී ලබාගත් ලකුණු 7 සමග තරගයේ ජය තමන් සතුකර ගැනීමට සාන්ත තෝමසුවෝ සමත් වූහ.
එහිදී සාන්ත තෝමස් විදුහල ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර සහිරා විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.