Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවීමට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර සිටි, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් හදිසියේම ගත් තීරණයක් මත ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි නොවන බව පෙරේදා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට දැනුම් දී තිබේ.
ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට යොමු කළ ලිපියේ දක්වා ඇත්තේ, පාදයක අස්ථියේ ආබාධය සුව අතට හැරී නැති බැවින් ආසියානු ක්‍රීඩා උලෙලට තමන්ගේ සහභාගිත්වය පළ රහිත විය හැකි බවයි. එබැවින් ආසියානු ක්‍රීඩා උළෙලින් ඉවත් වීමට තමා තීරණය කළ බවත් ඔහු දන්වා තිබේ.
චීනයේ හංජෝ නුවර දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ආරම්භවන්නේ සැප්තැම්බර් 29 වැනිදාය.
එහිදී මීටර 100 (පිරිමි) ඉසව්වේ මූලික වටයට යුපුන් සහභාගිවීමට නියමිතව සිටියේත් සැප්තැම්බර් 29 වැනිදාය.
සිය ආබාධ තත්ත්වය හුවා දක්වමින් මෙම වසරේදී තායිලන්තයේ පතායා නුවරදී ජූලි මාසයේ පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට හා අගෝස්තු මාසයේ හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ද සුපුන් අබේකෝන් සහභාගි නොවීය. ආසියානු ශූරතා හා ලෝක ශූරතා තරගාවලි දෙකෙන් ඉවත් වෙමින් සුපුන් ප්‍රකාශ කළේ හංජෝ නුවර දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කමක් දිනා ගැනීම සඳහා තමන් උපරිම කැපවීමෙන් කටයුතු කරන බවයි.
වසර 2023 මැයි 24 වැනිදා අවසන් වරට ඉතාලියේ දී අන්තර්ජාතික තරගාවලියකට සහභාගි වූ 28 හැවිරිදි සුපුන් එහි දී තත්පර 10.04 ක දක්ෂතාවයක් දක්වමින් දෙවැනි ස්ථානයට පත් විය. මීටර් 100 (පිරිමි) ඉසව්ව තත්පර 9.96කට නිමා කරමින් 2022 ජූලි 3 වැනිදා සුරිච් නුවර දී පළ කළ දක්ෂතාවය මේ දක්වා දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත් වීමට ඔහුට දායක විය.
එංගලන්තයේ බර්මින්හැම්ෙ නුවර දී පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් 2022 අගෝස්තු 2 වැනිදා ඔහු මීටර් 100 (පිරිමි) ඉසව්ව නිමාවට පත් කළේ තත්පර 10.06 කට ලෝකඩ පදක්කම ලබමිනි.
හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා සූදානම් වෙමින් සිටි යුපුන් ඒ සඳහා තමන්ට දිය යුතු පහසුකම් පිළිබඳව මලල ක්‍රීඩා ආයතනය දැනුවත් කර සිටි බව ද වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් මලල ක්‍රීඩා ආයතනය ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම් දීමක් කර ඇතත් ඊයේ ඔහු සිය පාදයේ ආබාධය ගෙනහැර දක්වමින් ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් වන බව දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීම පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති නම් තරග සහභාගිත්වයෙන් පළක් නොවන බව සුපුන් මලල ක්‍රීඩා ආයතනයට එවා තිබෙන ලිපියේ දැක්වේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවකයෙකු ලෙස වැටුප් ලබාගන්නා යුපුන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම දිනා ගැනීමෙන් පසුව ඉතාලියේ වෙසෙමින් ඔහුගේ පුහුණු කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් ඔහුට ඩොලර් ලක්ෂයක් ප්‍රදානය කර තිබේ. ඒ හැරෙන්නට ඔහුගේ අනෙකුත් යටිතල පහසුකම් සඳහා අවශ්‍ය උපකරණ ද ජාතික ඔලිම්පික් කමිටුව හා මලල ක්‍රීඩා ආයතනය දරයි.
යුපුන් ආසියානු ක්‍රීඩා උළෙලින් ඉවත්වීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ‘ලංකාදීපයට‘ පැවසුවේ, ආබාධ පවතින ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන්ට තරග වැදීමේ කිසිදු හැකියාවක් නැති බවයි.
‘‘අපි පිළිගන්නවා මේක යුපුන් සාධාරණ හේතූන් මත ගත්ත තීරණයක් කියලා. ලබන වසරේදී පැවැත්වෙන ‘‘පැරිස්’’ ඔලිම්පික් උළෙලට ඔහු සූදානම් කිරීමට මලල ක්‍රීඩා මෙතැන් සිට උත්සාහ ගන්නවා’’ යයි ද පාලිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.