Last Update  :  2024-12-14 14:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිළිමළුන් පිටුදැකීමට තුන්දින තරග වටයක්
19 න් පහළ ‘ඒ’ තලයේ අන්තර් පාසල් ක්‍රිකට්

පිළිමළුන් පිටුදැකීමට තුන්දින තරග වටයක්

editorial - 2024 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 2024-2025 වර්ෂය සඳහා වන වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ‘ඒ‘ තලයේ (දෙදින) තරගාවලිය මෙම මස මැදදී ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය අතර ප්‍රධානතම තරගාවලිය මෙයයි.

මේ වසරේදී ‘ඒ‘ තලයේ තරගාවලිය සඳහා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය උසස්වීම් ලබා සිටිති. ඒ තලයේ තරගාවලිය කාණ්ඩ 2ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර ඊට අයත් කණ්ඩායම් සංඛ්‍යාව 18 කි. 

ලීග් පදනම මත පැවැත්වෙන පළමු වටයේදී සෑම කණ්ඩායමකටම තරග 8ක් බැගින් හිමිවන අතර පළමු වටයෙන් පසුව එක කාණ්ඩයකින් කණ්ඩායම් 4ක් බැගින් කණ්ඩායම් 8 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.  තරගාවලියේ කුසපත් ඇදීම අනුව පැවැත්වීමට නියමිත තරග වලට අමතරව, උපරිම වශයෙන් විදුහල් අතර සාම්ප්‍රදායිකව පැවැත්වෙන තරග 5 කට සහභාගි වීමේ අවස්ථාව ‘ඒ‘ තලයේ පාසල් වලට තිබේ. 

මේ මස මැදදී ආරම්භ වන තරගාවලියේ පළමු වටය 2025 ජනවාරි මස 26 දින අවසන් කිරීමට නියමිතය.  අර්ධ අවසන් පූර්ව වටයේ සිට සියලුම තරග තුන්දින තරග ලෙසින් පැවැත්වෙයි.  පසුගිය වසරේදී අවසන් තරගය පමණක් තුන්දින තරගයක් ලෙස පැවැති නමුත් මෙවර තරගවාරයේ සිට පිළිමළුන් පිටුදැකීමේ වටයේ සියලුම තරග තුන්දින තරග ලෙසින් පැවැත්වේ. 

පසුගිය වසරේදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ‘ඒ‘ තලයේ ශූරතාව දිනාගත්තේය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය එහි අනු ශූරතාවට හිමිකම් කීවේය. 

පසුගිය වසරේදී මෙම තරගාවලියට  සහභාගි වූ කණ්ඩායම් අතුරින් මාතර ශාන්ත තෝමස් විද්‍යාලය, කඳාන ද මැසනොද් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය කඩඉම් තරගාවලියකින් පසුව මෙවර තරගවාරයේදී ‘බී’ තලයට පහත හෙළා තිබේ. 


‘ඒ‘ තලයේ තරගාවලිය 
1 වැනි කාණ්ඩය 
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය,  ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය,  මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය 

2 වැනි කාණ්ඩය 
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කැලණිය ගුරුකුල විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය

 


අදහස් (1)

පිළිමළුන් පිටුදැකීමට තුන්දින තරග වටයක්
  • ගමයා Wednesday, 04 September 2024 09:09 PM

    නේ මන්දා. ඉස්කෝල දහ අටකින් එකොළහක්ම කොළඹ. ඉතුරු හතෙන් දෙකක් නුවර, දෙකක් ගම්පහ. ගාලෙන් එකයි, මාතරින් එකයි, කුරුණෑගලින් එකයි. පළාත් අනුව බැලුවොත් බස්නාහිරෙන් දහතුනයි, දකුණෙන් දෙකයි, මධ්‍යම පළාතෙන් දෙකයි වයඹින් එකයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.