Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.සී.සී. - ද්‍රවිඩ සංගම් අවසන් සටන හෙට සිට

සී.සී.සී. - ද්‍රවිඩ සංගම් අවසන් සටන හෙට සිට

editorial - 2022 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අන්තර් සමාජ (පළමු පෙළ) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (17 වැනිදා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. දිවයිනේ පැරණිතම ක්‍රිකට් සමාජ දෙකක් වන කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී.) සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටිති.
 
කණ්ඩායම් 26 ක් සහභාගි වූ මූලික වටයේ තරගාවලිය කාණ්ඩ දෙකකින් පැවැත්විණ.
‘ඒ’ කාණ්ඩයේ තරග 12 කට සහභාගි වූ සී.සී.සී. කණ්ඩායම, තරගාවලිය පුරාම අපරාජිත බව ආරක්‍ෂා කරගනිමින් තරග 5 කදී පූර්ණ ජයග්‍රහණ ලබාගත්තේය. සී.සී.සී. පිලට හිමි වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 160.600 කි. සී.සී.සී. පිලේ ආසන්නතම තරගකරුවා වූ මුවර්ස් ක්‍රීඩා සමාජය ද තරගාවලිය පුරා අපරාජිතව සිටි නමුත් ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 119.305 කි. ඒ අනුව සී.සී.සී. ක්‍රීඩා සමාජය, ‘ඒ’ කාණ්ඩයේ සෙසු කණ්ඩායම් හා සටනකින් තොරවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

‘බී’ කාණ්ඩයේ දී තරග 12 කට සහභාගි වෙමින් තරග 5 කදී පූර්ණ ජයග්‍රහණ වාර්තා කළ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය හිමිකරගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 143.330 කි. ‘බී’ කාණ්ඩයේදී ද්‍රවිඩ සංගමයේ ආසන්නතම තරගකරුවා වූ යුද හමුදාව ජයගත්තේ තරග 3 ක් පමණක් හෙයින් සොල්දාදුවන් සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 121.720 කි. එබැවින් ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය ද සටනකින් තොරවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

 

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය

 

කොළඹ ක්‍රිකට් සමාජය


අදහස් (0)

සී.සී.සී. - ද්‍රවිඩ සංගම් අවසන් සටන හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.