Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝටි 5 ක් ආපසු භාණ්ඩාගාරයට යවයි

කෝටි 5 ක් ආපසු භාණ්ඩාගාරයට යවයි

editorial - 2021 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පාසල් ක්‍රීඩා කටයුතු මුළුමනින්ම ඇනහිට තිබෙන බැවින් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙන්කර තිබූ රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් නැවත මහා භාණ්ඩාගාරය වෙත හරවා යැවීමට සිදුව ඇතැයි වාර්තා වේ. 

පසුගිය වසරේ සිට මේ දක්වාම පාසල් ක්‍රීඩා කටයුතු මුළුමනින්ම ඇණහිට තිබේ. එම වසර දෙකේදීම ප්‍රධානතම වාර්ෂික පාසල් ක්‍රීඩා තරගාවලිය වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පැවැත්වීම ද අත්හැර දමා තිබේ. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) දයා බණ්ඩාර මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී මෙසේ පැවැසීය.

“පාසල් අරින්නේ නැතුව අපිට පාසල් ක්‍රීඩා තරග සංවිධානය ගැන හිතන්න බෑ. අපි දිගින් දිගටම බලා හිටියේ රටේ තත්ත්වය හොඳ අතට හැරුණොත් පාසල් ක්‍රීඩා තරග ආරම්භ කරන්නයි. ඒත් තත්ත්වයේ මේ වනතුරුත් වෙනසක් වෙලා නෑ. මේ නිසා මේ වසරට පාසල් ක්‍රීඩා තරග සංවිධානයට වෙන් කෙරුණු රුපියල් මිලියන 50ක් තරම මුදලක් නැවත මහා භාණ්ඩාගාරයට හරවා යවන්න අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවෙනවා.”

කෙසේ වුවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ග්‍රාමීය ක්‍රීඩා යටිතල පහසුකම් අමාත්‍යාංශය පාසල්වල යටිතල පහසුකම් නැංවීමේ වැඩසටහන් මාලාව අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බවද  ඔහු පැවැසීය. 

ඒ යටතේ දිවයිනේ කලාප මට්ටමින් තෝරාගත් පාසල් 100ක ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම ජාතික පාසල් 16 ක ක්‍රීඩා පහසුකම් වැඩි දියුණු කෙරේ. ඒ සඳහා ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් අමාත්‍යාංශය රුපියල් මිලියන 250 ක (කෝටි 25 ක්) පමණ මුදලක් වැය කරන බව වාර්තා වේ. 

මේ අතර, පාසල් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පවසන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු වෘත්තියට අයත් නොවන වෙනත් කාර්යයන් යටතේ බඳවාගත් ක්‍රීඩා පුහුණුකරුවන් 3,887ක් සඳහා මේ දිනවල සූම් තාක්‍ෂණය ඔස්සේ ක්‍රීඩා ඉසව් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් පවත්වාගෙන යන බවයි. 

ආරම්භයක් ලෙස වයස 17න් පහළ හා 19න් පහළ වයස් කාණ්ඩයෙන් පමණක් ක්‍රීඩා ඉසව් කිහිපයක තරගාවලි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය දැරූ උත්සාහය ද මේ වනවිට අත්හැර දමා තිබේ. 


අදහස් (0)

කෝටි 5 ක් ආපසු භාණ්ඩාගාරයට යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.