Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අකිල - වෙල්ලාලගේ කෝල්ට්ස් පිලට ජය ගෙනෙති

අකිල - වෙල්ලාලගේ කෝල්ට්ස් පිලට ජය ගෙනෙති

editorial - 2022 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

දුනිත් වෙල්ලාලගේගේ (21/5) සහ අකිල ධනංජයගේ (31/5) විශිෂ්ට පන්දු යැවීම් හමුවේ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී සෙබස්තිනයිට් පිලට එරෙහිව ලකුණු 10 ක තියුණු ජයක් හිමිකර ගැනීමට කෝල්ට් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 80 ක ඉලක්කයක් හඹාගිය සෙබස්තිනයිට්ස් පිල ඕවර 22.5 කදී ලකුණු 69 කට සීමා කිරීමත් සමගින් කෝල්ට්ස් පිලට නොසිතූ ජයක් හිමිවිය.

පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් ලබාගත් තරිඳු රත්නායක සෙබස්තිනයිට්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ඕවර 9.5 කදී ලකුණු 21 කට කඩුලු 5 ක් ද, අකිල ධනංජය ඕවර 9 කදී ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගනිමින් කෝල්ට්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් සෙබස්තිනයිට්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීම සඳහා කෝල්ට්ස් පිලට ඕවර 25.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 79 ක් පමණි.

රවිඳු රසන්ත පන්දු 41 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 28 ක් රැස්කරමින් කෝල්ට්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අක්තාබ් කාදර් කඩුලු 4 ක් ද, ශශ්‍රීක පුස්සේගොල්ල සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින්ද දවාගනිමින් කෝල්ට්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

තවත් තරග 11 ක් අද පැවැති අතර එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට එස්.එස්.සී, පානදුර, බී.ආර්.සී, ද්‍රවිඩ සංගමය, ඒස් කැපිටල්, යුදහමුදාව, හලාවත මේරියන්ස්, පොලිසීය, ගාල්ල, සී.සී.සී සහ එන්.සී.සී යන කණ්ඩායම් සමත්විය.

අද දිනයේදී වාර්තා වූ එකම ශතකයට හිමි කීමට හලාවත මේරියන්ස් පිලේ කසුන් විදුර සමත්විය. එහෙන්ම දිනයේ වාර්තා වූ කඩුලු 5 බැගින් අවස්ථා දෙකට කෝල්ට්ස් පිලේ දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය හිමිකම් කීයූහ.

කෝල්ට්ස් - ඕවර 25.1 කදී සියලුදෙනා දැවී 79
(රවින්දු රසන්ත 28, අක්තාබ් කාදර් 24/4, ශශ්‍රීක පුස්සේගොල්ල 05/2, තරිඳු රත්නායක 24/2)

සෙබස්තිනයිට්ස් - ඕවර 22.5 කදී සියලුදෙනා දැවී 69
(තරිඳු රත්නායක 22, දුනිත් වෙල්ලාලගේ 21/5, අකිල ධනංජය 31/5)

-------------------------------------------------------------------------------------------------------------

එස්.එස්.සී පිලට ලකුණු 110 ක ජයක්
ලන්කන් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී - ඕවර 46.1 කදී සියලුදෙනා දැවී 214
(ක්‍රිෂාන් සංජුල 39, ලක්ෂිත මනසිංහ 78, කේෂාන් විජේරත්න 30, පූර්ණ වන්නිතිලක 33/3, තුෂිර මදනායක 22/2, යසිරු රොද්‍රිගූ 37/2, රජීව වීරසිංහ 55/2)

ලන්කන් - ඕවර 29 කදී සියලුදෙනා දැවී 104
(කසුන් අබේරත්න 43, යෙසිත් රූපසිංහ 21, ප්‍රභාත් ජයසූරිය 11/2, කේෂාන් විජේරත්න 16/2, සම්මු අෂාන් 17/2)

-------------------------------------------------------------------------------------------------------------

පානදුර පිලට කඩුලු 3 ක ජයක්
මීගමුව සහ පානදුර කණ්ඩායම් අතර පානදුර නගරසභා ක්‍රීඩාංගණයේදී

මීගමුව - ඕවර 34.3 කදී සියලුදෙනා දැවී 152
(ඩිලාසිරි ලොකුබණ්ඩාර 40, ජීවක ශෂෙන් 59, රොෂාන් විජේනායක 11/2, නිමේෂ් විමුක්ති 18/2, කොෂාන් ධණුෂ්ක 18/2, ධනුෂ්ක රණසිංහ 32/2)

පානදුර - ඕවර 34.5 කදී කඩුලු 7 ක් දැවී 156
(රිෂික දවටගේ 45, පාර්ත් පල්වත් 57, ධනුෂ්ක සඳරුවන් 31/3, පසිඳු උස්හෙට්ටිගේ 41/2)

-------------------------------------------------------------------------------------------------------------

බී.ආර්.සී පිලට කඩුලු 7 ක ජයක්
කුරුණෑගල යොවුන් සහ බී.ආර්.සී කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී

කුරුණෑගල යොවුන් - ඕවර 41.3 කදී සියලුදෙනා දැවී 147
(ගයාන් මනීෂාන් 20, ධනුෂ්ක ධර්මසිරි 43, අසිත වන්නිනායක 20, මල්ක මදුශංක 10/3, දුවිඳු තිලකරත්න 09/2, තිලකරත්න සම්පත් 19/2, උමෙෂ්ක මොරායිස් 36/2)

බී.ආර්.සී - ඕවර 24.2 කදී කඩුලු 3 ක් දැවී 150
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 29, තිලකරත්න සම්පත් 80, ගිහාන් අන්ජන 45/2)

-------------------------------------------------------------------------------------------------------------

ද්‍රවිඩ සංගමයට කඩුලු 8 ක ජයක්
කළුතර නාගරික සහ ද්‍රවිඩ සංගමය අතර පි.සරා ඕවල්හිදී

කළුතර නාගරික - ඕවර 36 කදී සියලුදෙනා දැවී 108
(විශාර ප්‍රනාන්දු 45, ඩිල්රුවන් පෙරේරා 28/4, දිලුම් සුධීර 23/3, නවෝද් පරණවිතාන 08/2)

ද්‍රවිඩ සංගමය - ඕවර 27 කදී කඩුලු 2 ක් දැවී 109
(රොන් චන්ද්‍රගුප්ත නොදැවී 67, සංතුෂ් ගුණතිලක නොදැවී 26)

-------------------------------------------------------------------------------------------------------------

ඒස් කැපිටල් පිලට ලකුණු 108 ක ජයක්
මූවර්ස් සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

ඒස් කැපිටල් - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 324
(ලසිත් කෘස්පුල්ලේ 26, තනුක දාබරේ 37, ශෙහාන් ප්‍රනාන්දු 36, දුලීක තිස්සකුට්ටිගේ 56, ප්‍රමුද් හෙට්ටිවත්ත 34, සකුණ ලියනගේ නොදැවී 78)

මූවර්ස් - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී 216
(පබසර වඩුගේ 42, පසිඳු සූරියබණ්ඩාර 64, මොහොමඞ් ශමාස් 29, තනුක දාබරේ 27/2)

-------------------------------------------------------------------------------------------------------------

යුදහමුදා පිලට ලකුණු 178 ක ජයක්
නුගේගොඩ සහ යුදහමුදා කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී

යුදහමුදාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 325
(ලක්ෂාන් එදිරිසිංහ 78, අසේල ගුණරත්න 89, තිසර පෙරේරා 64, සුමින්ද ලක්ෂාන් 36, චමින්ද බණ්ඩාර 66/4, නවීන් ප්‍රනාන්දු 61/3)

නුගේගොඩ - ඕවර 35.3 කදී සියලුදෙනා දැවී 149
(භාග්‍යා දිසානායක 30, කෙවින් පෙරේරා 47, රනිත ලියනාරච්චි 20, අසංක මනෝජ් 59/4, සුමින්ද ලක්ෂාන් 24/2)

-------------------------------------------------------------------------------------------------------------

හලාවත මේරියන්ස් පිලට ලකුණු 99 ක ජයක්
ගුවන් හමුදාව සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 294
(හරිඳු ජයසේකර 27, කසුන් විදුර 140, ගෞරව් ජාතර් 49, අනුජ් ජොටින් නොදැවී 47, දුලාංජන මෙන්ඩිස් 48/2, ගයාන් සිරිසෝම 65/2)

ගුවන් හමුදාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 195
(සචින් ප්‍රනාන්දු 22, සිතිජ චමෝද් 51, රජිත රත්නායක 24, දේශාන් ප්‍රනාන්දු 33, කවිඳු දිල්හාර 31/2, පුලින තරංග 38/2)

-------------------------------------------------------------------------------------------------------------

පොලිස් පිලට කඩුලු 3 ක ජයක්
බ්ලූම්ෆීල්ඞ් සහ පොලිස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී 

බ්ලූම්ෆීල්ඞ් - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 205
(අෂාන් ප්‍රනාන්දු 23, මාධව වර්ණපුර 85, රන්මිත් ජයසේන නොදැවී 74, ළහිරු දියන්ත 19/2, නුවන් ප්‍රදීප් 41/2)

පොලිස් - ඕවර 49.4 කදී කඩුලු 7 ක් දැවී 206
(දිල්හාර පොල්ගම්පොල 50, සමන් කුමාර 58, චාමර සිල්වා 50, මාධව වර්ණපුර 21/2, චානක කොමසාරූ 26/2)

-------------------------------------------------------------------------------------------------------------

ගාල්ල පිලට කඩුලු 4 ක ජයක්
රාගම සහ ගාල්ල කණ්ඩායම් අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී

රාගම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 266
(තෙවිඳු දික්වැල්ල 54, නිෂාන් මදුෂ්ක 43, ජනිත් ලියනගේ 89, අවිශ්ක තරිඳු 39, රවිඳු සෙම්බුකුට්ටිගේ 18/2, රවිශ්ක විජේසිරි 38/2, රජිත් ප්‍රියාන් 48/2)

ගාල්ල - ඕවර 45.1 කදී කඩුලු 6 ක් දැවී 267
(රවිඳු සෙම්බුකුට්ටිගේ 47, සමීන් කඳනආරච්චි 65, හරීන් බුද්දිල 30, රවිෂ්ක විජේසිරි නොදැවී 70, ජනක සම්පත් 36/2, ජනිත් ලියනගේ 44/2)

-------------------------------------------------------------------------------------------------------------

සී.සී.සී පිලට ලකුණු 88 ක ජයක්
මහනුවර කස්ටම් සහ සී.සී.සී කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

සී.සී.සී - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 296
(නිමේෂ ගුණසිංහ 35, පවන්ත වීරසිංහ 47, මිනෝද් භානුක 67, පවන් රත්නායක 37, ලසිත් අබේරත්න 51, මාලිංග අමරසිංහ නොදැවී 21, මෙතුෂාන් තිළිණ 40/2)

මහනුවර කස්ටම්ස් - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 208
(සජිත් ප්‍රියාල් 28, මිතුන් ජයවික්‍රම 29, සලිඳු පතිරණ 72, අවිෂ්ක හසරින්ද 35, නුවන් තුෂාර 27/2, පවන්ත වීරසිංහ 29/2, ලක්ෂාන් සඳකැන් 40/2)

-------------------------------------------------------------------------------------------------------------

එන්.සී.සී පිලට කඩුලු 3 ක ජයක්
සැරසන්ස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 238
(සිතාර ගිම්හාන් 38, තවීෂ අභිෂේක් 24, මොහොමඞ් වකාස් 73, ආකාෂ් සේනාරත්න 29, අසෙල් සිගේරා 36/4, අෂීන් ඩැනියල් 31/2)

එන්.සී.සී - ඕවර 48.3 කදී කඩුලු 7 ක් දැවී 244
(සඳුන් වීරක්කොඩි 60, ළහිරු උදාර 35, කවීන් බණ්ඩාර 24, අසෙල් සිගේරා 39, යුගීෂ දිල්ෂාන් නොදැවී 38, ගිහාන් ඊබට් 46/3, සඳුන් මෙන්ඩිස් 47/3)


අදහස් (0)

අකිල - වෙල්ලාලගේ කෝල්ට්ස් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.