Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හිටපු ලෝක ශූරයෝ මූලික වටයෙන්ම දොට්ට
කටාර් - 2022

හිටපු ලෝක ශූරයෝ මූලික වටයෙන්ම දොට්ට

editorial - 2022 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මූලික වටය යටතේ සහභාගි වූ අවසන් තරගයේදී කොස්ටාරිකාවට එරෙහිව ගෝල 4-2 ක ජයක් වාර්තා කිරීමට සමත් වුවද, ‘ඊ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වීම හේතුවෙන් හිටපු ලෝක ශූරයන් වන ජර්මනියට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 11 වැනි ස්ථානයේ පසුවන ජර්මනිය 1954, 1974, 1990 සහ 2014 යන වසරවල පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලන්හිදී ශූරයන් බවට පත්ව ඇති අතර 1966, 1982 සහ 1986 යන වසරවල පැවැති තරගාවලින්හිදී අනු ශූරයන් බවට පත්ව ඇත.

කෙසේ වුවත් මෙවර තරගාවලියේදී මූලික වටය යටතේ සහභාගි වූ පළමු තරගයේදී බලාපොරොත්තු නොවූ ලෙස ජපානය හමුවේ ගෝල 2-1 ක් ලෙස පරාජයට පත්වූ ජර්මනිය, ඉන් අනතුරුව පැවැති තරගයේදී ස්පාඤ්ඤය සමග ගෝල 1-1 ක් ලෙස සම විය. ඒ අනුව මූලික වටයේදී ජර්මනියට ජයගත හැකි වූයේ කොස්ටාරිකාවට එරෙහිව පැවැති තරගය පමණි.

ජර්මනිය මෙන්ම ස්පාඤ්ඤයද මූලික වටයේදී තරගයක් ජයගෙන, තරගයක් පරාජයට වී, සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. එහිදී කොස්ටාරිකාවට එරෙහිව ගෝල 7-0 ක ජයක් ලැබූ ස්පාඤ්ඤය, ජර්මනිය සමග ගෝල 1-1 ක් ලෙස සමවූ අතර ජපානය හමුවේ ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් විය.

ඒ අනුව ස්පාඤ්ඤය සහ ජර්මනිය ලකුණු 4 බැගින් සම ලකුණු ලබා මූලික වටය අවසන් කළේය. කෙසේ වුවත් සහභාගි වූ තරගවලදී ලබාගත් ගෝල සංඛ්‍යාව සහ ප්‍රතිවාදීන්ට ලබාදුන් ගෝල සංඛ්‍යාවේ පරතරය අනුව ‘ඊ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ස්පාඤ්ඤයට හැකි විය.

මූලික වටයේදී ගෝල 9 ක් රැස්කළ ස්පාඤ්ඤය ප්‍රතිවාදීන්ට ගෝල 3 ක් ලබාදී තිබූ අතර ඔවුන්ගේ ගෝල පරතරය 6 ක් ලෙස සටහන් විය. එහිදී ගෝල 6 ක් රැස්කළ ජර්මනිය ප්‍රතිවාන්දීන්ට ගෝල 5 ක් ලබාදී තිබූ බැවින් ඔවුන්ගේ ගෝල පරතරය ලෙස සටහන් වූයේ එක් ගෝලයක් ලෙසිනි. ඒ අනුව ජර්මනි කණ්ඩායමට මෙවර කල් වේලා ඇතිවම කදමලු බැඳගෙන ආපසු සිය රට බලා යෑමට සිදුවිය.

මේ අතර තවත් ප්‍රබල කණ්ඩායමක් ලෙස සැලකෙන බෙල්ජියමද මූලික වටය යටතේ සහභාගි වූ අවසන් තරගයේදී ක්‍රොයේෂියාවට එරෙහිව ගෝලයක් රැස්කිරීමට අසමත් වීම හේතුවෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම මෙවර තරගාවලියෙන් ඉවතට විසිවිය. එම තරගය ජය පැරදුමකින් තොරව අවසන් වීම හේතුවෙන් ක්‍රොයේෂියාවට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදාවිය.

මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන බෙල්ජියම ‘එෆ්’ කාණ්ඩය යටතේ මෙවර තරගාවලියට සහභාගි විය. මූලික වටය යටතේ සහභාගි වූ පළමු තරගයේදී ගෝල 1-0 ක් ලෙස කැනඩාව පරාජය කළ බෙල්ජියම, දෙවැනි තරගයේදී බලාපොරොත්තු නොවූ අයුරින් මොරොක්කෝව හමුවේ ගෝල 2-0 ක් ලෙස පරාජයට පත් විය.


අද (3 වැනිදා) පැවැත්වෙන තරග (ශ්‍රී ලංකා වේලාවෙන්)
සර්බියාව සහ ස්විට්සර්ලන්තය අතර (ජී කාණ්ඩයේ) මධ්‍යම රාත්‍රී 12.30 ට
බ්‍රසීලය සහ කැමරුන් රාජ්‍යය අතර (ජී කාණ්ඩයේ) මධ්‍යම රාත්‍රී 12.30 ට
නෙදර්ලන්තය සහ ඇමරිකාව අතර (අ.අ.පූ. වටය) රාත්‍රී 8.30 ට
 


 

-036  

 


අදහස් (0)

හිටපු ලෝක ශූරයෝ මූලික වටයෙන්ම දොට්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.