Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story භානුක නැති හේතුව කියයි
ක්‍රිකට්

භානුක නැති හේතුව කියයි

editorial - 2022 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජාතික සංචිතයට ඇතුළත් විමට නම් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට අනිවාර්යයෙන්ම පෙනී සිටිය යුතු බවත්, භානුක රාජපක්ෂ මෙතෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සිදු කර නොමැති බැවින් එළඹෙන  ඕස්ටේ‍්‍රලියානු තරගාවලියට ඔහු තෝරා නොගත් බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශ කරයි.

කෙසේ වුවත් ඕස්ට්‍රේලියානු තරගාවලියෙන් අනතුරුව ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා නැවත සංචිතයට පැමිණීම ඉලක්ක කරගනිමින් භානුක ඉදිරියේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලට පෙනී සිටීමට සුදානමින් සිටින බවත් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ වේ.

පසුගියදා ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියෙන් සමුගන්නා බව නිවේදනය කළ භානුක රාජපක්ෂ පසුව එම තීරණය වෙනස් කළේය.


අදහස් (0)

භානුක නැති හේතුව කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.