Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුවන් හමුදා විවෘත ස්කොෂ් ශූරයා ලක්සිරි : ශූරිය ඉසඩීන්

ගුවන් හමුදා විවෘත ස්කොෂ් ශූරයා ලක්සිරි : ශූරිය ඉසඩීන්

editorial - 2022 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංවිධානයෙන් රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රිඩා සංකීර්ණයේදී පැවැති ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට රවිඳු ලක්සිරිද, කාන්තා ශූරතාව දිනාගැනීමට ෆතූම් ඉසඩීන්ද සමත් වූහ. පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස පාකිස්තාන ගුවන් හමුදාවේ ෆර්හාන් සමාන් පරාජය කිරීමට රවිඳු සමත් වූ අතර කාන්තා අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස යෙහෙනි කුරුප්පු පරාජය කිරීමට ෆතූම් සමත් වූවාය.

ක්‍රිඩක ක්‍රිඩිකාවන් 250 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 පහළ යන වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම තරග පැවැත්විණ. එහිදී විවෘත සහ ආධුනික යන කාණ්ඩය දෙක යටතේ පිරිමි සහ කාන්තා ඉසව් පැවැති අතර ජ්‍යෙෂ්ට තරගකරුවන් සඳහා අවුරුදු 35 ට වැඩි, අවුරුදු 40 ට වැඩි, අවුරුදු 45 වැඩි සහ අවුරුදු 50 ට වැඩි පිරිමි ඉසව්ද පැවැත්විණ.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ෂන පතිරණ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වූ අතර ගුවන් හමුදා ස්කොෂ් කමිටුවේ සභාපති ගෘප් කපිතාන් පූජන ගුණතිලක, ගුවන් හමුදා ක්‍රීඩා සභාවේ ලේකම් සහ ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ උප සභාපති ගෘප් කපිතාන් එරන්ද ගීගන, ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ ලේකම් එරංග අල්විස් යන මහත්වරු ඇතුළු ශ්‍රි ලංකා ස්කොෂ් සම්මේලනයේ සහ ගුවන් හමුදාවේ නිලධාරිහූ රැසක් එම අවස්ථාවට සහභාගි වූහ.


තරග ප්‍රතිඵල
විවෘත පිරිමි අවසන් තරගය
රවිඳු ලක්සිරි විසින් වට 3-2 ක් ලෙස ෆර්හාන් සමාන් පරාජය කරන ලදි. (07/11, 09/11, 12/10, 13/11, 11/06)

විවෘත කාත්නා අවසන් තරගය
ෆතූම් ඉසඩීන් විසින් වට 3-2 ක් ලෙස යෙහෙනි කුරුප්පු පරාජය කරන ලදි. (11/06, 12/10, 04/11, 09/11, 11/08)

 


අදහස් (0)

ගුවන් හමුදා විවෘත ස්කොෂ් ශූරයා ලක්සිරි : ශූරිය ඉසඩීන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.