Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට දඩයක්

ශ්‍රී ලංකාවට දඩයක්

editorial - 2022 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මෙම වසරට (2022) නියමිත අන්තර් ජාතික වොලිබෝල් තරගාවලි තුනකට අයැදුම්කර සහභාගි නොවීමේ වරදට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 15000ක දඩයක් ගැසීමට ආසියානු වොලිබෝල් සමුළුව පියවර ගෙන තිබේ.

ජුනි 24 සිට 30 වැනිදා දක්වා තායිලන්තයේ තාකොන් - පතෝම් නුවර දී පැවැත්වෙන තෙවැනි ආසියානු සමුළු වොලිබෝල් අභියෝග ශූරතා කුසලාන (කාන්තා) තරගාවලිය, අගෝස්තු 15 සිට 22 වැනිදා දක්වා ඉරානයේ ‘එස්ෆැහැන්’ නුවරදී පැවැත්වෙන 14 වනි ආසියානු ශූරතා වයස 18න් පහළ (බාලක) වොලිබෝල් ශූරතා තරගාවලිය හා අගෝස්තු 28 වෙනිදා සිට සැප්තැම්බර් 04වැනිදා දක්වා කිරිකිස්තානයේ ‘මෝල්ෆොන්- ආටා’ නුවරදී පැවැත්වෙන තෙවැනි ආසියානු සමුළු වොලිබෝල් අභියෝග ශූරතා කුසලාන (පිරිමි) තරගාවලියට අයැදුම්කර තිබියදී ශ්‍රී ලංකාව සහභාගි නොවීමට ගත් තීරණයට එරෙහිව ආසියානු වොලිබෝල් සමුළුව මෙම දඩ මුදල පනවා තිබේ.

මෙම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 60කට ආසන්න මුදලකි. රටේ දැන් උද්ගතව පවතින ආර්ථික අවපාතය හමුවේ මෙම තරග සංචාර සඳහා අරමුදල් සොයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම තරග සංචාර අත්හැර දැමීමට සිදුව ඇතැයි වොලිබෝල් සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට කිරිකිස්තානය බලා යාමට ඒමට එක් අයෙකු සඳහා ගුවන් ප්‍රවේශපත්‍රයක් සඳහා පමණක් රුපියල් ලක්‍ෂ පහකට වැඩි මුදලක් වැය වන බව ගණන් බලා තිබේ.

මෙම තත්ත්වය යටතේ මෙම අවස්ථාවේදී විදෙස් තරග සංචාර සඳහා වියදම් දැරීම බෙහෙවින් දුෂ්කර කටයුත්තක් වී තිබෙන බැවින් මෙන්ම ඒ සඳහා අනුග්‍රාහකයන් ඉදිරිපත් නොවීම තුළින්ද අයදුම් කළ ජාත්‍යන්තර තරග සහභාගිත්වය අත්හැර දැමීම හැරෙන්නට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට වෙනත් විකල්පයක් ඉතිරි වී නැතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වුවත් මෙම දඩ මුදලෙන් නිදහස් වීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මේ වන විට ආසියානු බොලිබෝල් සමුළුවට අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.


අදහස් (0)

ශ්‍රී ලංකාවට දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.