Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හසිනි වෙනුවට සත්‍යා කැඳවයි
වි-20 කාන්තා ලෝක කුසලාන 2023

හසිනි වෙනුවට සත්‍යා කැඳවයි

editorial - 2023 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට සත්‍යා සන්දීපනී ඇතුළත් කර තිබේ. පුහුණුවීම් කරමින් සිටියදී ඇඟිල්ලක් තුවාල කරගත් හසිනි පෙරේරා වෙනුවට සත්‍යා සන්දීපනී කණ්ඩායමට ඇතුළත් කර ඇත.

අම්බලන්ගොඩ දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩිකාවක වන, 23 හැවිරිදි සත්‍යා, දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩිකාවකි. තවමත් එකම විස්සයි-20 අන්තර්ජාතික තරගයකට පමණක් සහභාගි වී සිටියද ඇය ඉදිරිපෙළ පිතිකාරිනියකි.

19 න් පහළ යොවුන් කාන්තා කණ්ඩායමේ නායිකා විශ්මි ගුණරත්න ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත්ව සිටින්නීය. විශ්මි ගුණරත්න සමගින් තාරිකා සෙව්වන්දි,  මල්ෂා ෂෙහානි සහ කෞෂිනි නුත්‍යාංගනා පළමු වතාවට ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වන ක්‍රීඩිකාවෝ වෙති.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර, පෙබරවාරි මස 6 වැනිදා (අයර්ලන්තයට එරෙහිව) සහ 8 වැනිදා (බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව) පෙරහුරු තරග දෙකකට සහභාගි වෙයි. ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පළමු තරගය මේ මස 10 වැනිදා දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කේප් ටවුන් නුවර නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව ඇතුළත් පළමු වැනි කාණ්ඩය තරගාවලියේ අසීරුම කාණ්ඩයයි. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බංග්ලාදේශය මෙන්ම දකුණු අප්‍රිකාවත් ශ්‍රී ලංකාව ඇතුළත් පළමු වැනි කාණ්ඩයේ සිටිති. තරගාවලියේ පළමු වැනි කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී තරග 4 කට මුහුණ දීමට සිදුවෙයි. අවසන් පූර්ව වටය සඳහා එක කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් පමණක් තෝරා ගැනේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා හෙට (02 වැනිදා) පිටත්ව යාමට නියමිතය.


විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකා), ඕෂධී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, සත්‍යා සන්දීපනී, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නුත්‍යාංගනා, මල්ෂා ෂෙහානි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අචිනි කෞෂල්‍යා, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි සහ අමා කාංචනා

 


අදහස් (1)

හසිනි වෙනුවට සත්‍යා කැඳවයි
  • sam Thursday, 02 February 2023 11:41 AM

    අපෝ චමරි අතපත්තුගේ කට විතරයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.