Last Update  :  2024-04-24 10:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ටාක් - හේසල්වුඩ් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ස්ටාක් - හේසල්වුඩ් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

editorial - 2021 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිචෙල් ස්ටාක් (48/5) සහ ජොස් හේසල්වුඩ්ගේ (11/3) විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහිව බාබර්ඩෝස්හිදී ඊයේ (20 වැනිදා) පැවැති පළමු එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 133 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය.

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුයට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 49 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 252 ක් රැස්කිරීමට සමත්විය. වරින් වර වර්ෂාව ඇදහැලීම හේතුවෙත් පැයකට ආසන්න කාළයත් තරගය නතර කිරීමට සිදුවීහ නිසා ඕස්ට්‍රේලියානු ඉනිමෙන් ඕවරයක් අඩු කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

පළමු වරට ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට නායකත්වය ලබාදුන් ඇලෙක්ස් කේරී පන්දු 87 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 67 ක් ලබාගැනීමට සමත්විය. ඇෂ්ටන් ටර්නර් පන්දු 45 කදී හයේ සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 49 ක් ලබාගත් අතර ජොස් ෆිලිප්ස් ලකුණු 39 ක්, බෙන් මැක්ඩොමට් ලකුණු 28 ක් සහ මිචෙල් මාෂ් ලකුණු 20 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ හේඩ්න් වෝල්ෂ් සිය ඕවර 10 ලකුණු 39 කට සීමාකරමින් කඩුලු 5 ක් දවාගත් අතර අල්සාරී ජෝසප් සහ අකීල් හුසේන් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 49 කදී ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 26.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 123 ක් පමණි.

නායක කරන් පොලාඩ් පන්දු 57 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 56 ක් රැස්කළද සෙසු පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් කොදෙව් පිලට පරාජය හිමිවිය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ මිචෙල් ස්ටාක් ඕවර 8 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 48 කට කඩුලු 5 ක් දවාගත් අතර ජොස් හේසල්වුඩ් ඕවර 6 කදී එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 11 කට කඩුලු 3 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.


ඕස්ට්‍රේලියාව - ඕවර 49 කදී කඩුලු 9 ක් දැවී 252
(ජොස් ෆිලිප්ස් 39, බෙන් මැක්ඩොමට් 28, මිචෙල් මාෂ් 20, ඇලෙක්ස් කේරී 67, ඇෂ්ටන් ටර්නර් 49, හේඩ්න් වෝල්ෂ් 39/5, අල්සාරී ජෝසප් 40/2, අකීල් හුසේන් 50/2)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 26.2 කදී සියලුදෙනා දැවී 123
(කරන් පොලාඩ් 56, හේඩ්න් වෝල්ෂ් 20, මිචෙල් ස්ටාක් 48/5, ජොස් හේසල්වුඩ් 11/3)

 

- 2079


අදහස් (0)

ස්ටාක් - හේසල්වුඩ් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.