Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලයන්ස් පිල පළමු දිනයේදීම ඉදිරියට
එංගලන්ත ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

ලයන්ස් පිල පළමු දිනයේදීම ඉදිරියට

editorial - 2023 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)
 
ඉවසීමක් නැති කමත්, හික්මීමක් නැති පිතිහරඹයත් නිසා කාසියේ වාසිය වීසිකර දැමූ ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ, ගාල්ල ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) ආරම්භ වූ පළමු වැනි සිව්දින ටෙස්ට් තරගයේදී ලකුණු 136 කට දැවී ගියහ. ඊට පිළිතුරු දුන් එංගලන්ත ලයන්ස් පිතිකරුවන් අද දිනය අවසන් කළේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 249 ක් ලබාගනිමිනි. 
 
තරගයේ දින තුනක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදී එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ ලකුණු 113 කින් ඉදිරියට පැමිණ සිටිති. 
 
ඉනිම ආරම්භයේ සිටම සුපුරුදු අධිfවීගී රිද්මයෙන් ලකුණු කරා ගිය එංගලන්ත පිතිකරුවෝ, තේ පානය වන විට ඕවර 17 කින් ලකුණු 89 ක් ලබා සිටියේ ලකුණු 5.24 ක වේගයක් රඳවා ගනිමිනි. තේ පානයෙන් පසුවද එහි වෙනසක් නොකෙරුණු අතර පිතිකරුවන් තිදෙනකු දැවී ගිය නමුත් අවසන් ඕවර 31 න් ලකුණු 160 ක් ලබාගැනිණ. 
 
ලයන්ස් පිතිකරුවන්ට කිසිම අභියෝගයක් දීමට ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නෝ අපොහොසත් වූහ. ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමත් ඉතාම දුර්වල මට්ටමක පැවතිණ. 
 
තණතීරුවේ තත්ත්වය පිතිකරුවන්ට ඉතාම යෝග්‍ය මට්ටමක තවමත් පවතී. එංගලන්ත ලයන්ස් පිල සිය කැමැත්තෙන් ඉනිම හමාර කරන්නේ නම්, ඒ නැවත වරක් පන්දුවට පහර දීමේ අවශ්‍යතාවක් ඇති නොවන තැනකට යාමෙන් පසුව මිස ඊට පෙර නොවේ. 
 
පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවකදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සම්පූර්ණ ඉනිමම පැය දෙක හමාරකට (විනාඩි 155 කට) සීමා විය. පළමු පෙළ පිතිකරුවකුට ගැලපෙන ආකාරයෙන් පන්දුවට පහර දුන්නේ සධීර සමරවික්‍රම පමණි. විනාඩි 75 ක් පිටියේ රැඳුණු සමරවික්‍රම එන්න එන්නම තර්ජනයක් වන බව පෙනෙන්නට තිබුණු බැවින් ස්ක්වෙයාර් ලෙග් කලාපයේ පන්දු රකින්නන් තිදෙනකු රඳවා, බවුන්සර් පන්දු කිහිපයකින් පිතිකරුවාට සංග්‍රහ කළ මැතිව් ෆිෂර්, සධීර සමරවික්‍රමගේ ඉනිම ලකුණු 43 දී නතර කරගත්තේය. 
 
දිවා ආහාරය වන විටත් ශ්‍රි ලංකා ‘ඒ’ ඉනිමේ කඩුලු  6 ක් ලකුණු 101 කට බිඳ වැටී තිබිණ. සංචිතයට ඇතුළත්ව නොසිටි නමුත් අද උදෑසන කණ්ඩායමට එක්වූ දුනිත් වෙල්ලාලගේත් ලකුණු නොලබාම දැවී ගොස් තිබිණ. එහෙත් දිවා ආහාරයෙන් පසුව පන්දුව අතට ගත් මැතිව් ෆිෂර් පන්දු 22 කින් ලකුණු 11 කට කඩුලු 4 ක් දවාගත්තේය. 
 
ලකුණු පුවරුව 
 
ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 
නිෂාන් මධුෂ්ක - ක.මු.කළා ප.ෆිෂර් 1
ඕෂධ ප්‍රනාන්දු - ඇ.ජැක් හේන්ස් ප.පැටර්සන් 21
නුවනිඳු ප්‍රනාන්දු - ස්ට.ස්මිත් ප.පැටර්සන් 17
නිපුන් ධනංජය  - ඇ.හමීඩ් ප.කුක් 15
සධීර සමරවික්‍රම - ඇ.පැටර්සන් ප.ෆිෂර් 43
සහන් ආරච්චිගේ - ඇ.ස්මිත් ප.ඇබෙල් 3
දුනිත් වෙල්ලාලගේ - ඇ.ස්මිත් ප.පැටර්සන් 0
ලක්‍ෂිත මානසිංහ - ඇ.ස්මිත් ප.ෆිෂර් 26
අම්ෂි ද සිල්වා - ඇ.ස්මිත් ප.ෆිෂර් 0
ලසිත් ඇෂුල්දෙණිය - ඇ.ස්මිත් ප.ෆිෂර් 3
මිලාන් රත්නායක - නොදැවී 1
අතිරේක 6
එකතුව - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 136
කඩුලු වැටීම : 
1-05(මධුෂ්ක), 2-39(නුවනිඳු), 3-42(ඕෂධ), 4-69(නිපුන්), 5-87(සහන්), 6-94(වෙල්ලාලගේ), 7-110(සමරවික්‍රම), 8-114(අම්ෂි), 9-123(ඇඹුල්දෙණිය), 10-136(මානසිංහ)
පන්දු යැවීම : 
සෑම් කුක් 7-2-17-1
මැතිව් ෆිෂර් 9.4-1-34-5
ලියම් පැටර්සන් 13-1-51ූ-3
ටොම් ඇබෙල් 4-0-17-1
ජැක් කාසන් 2-0-16-0
 
එංගලන්ත ලයන්ස් - පළමු ඉනිම 
ඇලෙක්ස් ලීස් - ප.ඇඹුල්දෙණිය 56
හසීබ් හමීඩ් - ඇ.සමරවික්‍රම ප.ආරච්චිගේ 81
ටොම් හේන්ස් - නොදැවී 62
ටොම් ඇබෙල් - ක.මු.කළා ප.ඇඹුල්දෙණිය 7
ජොෂ් බොහානන් - නොදැවී 26
අතිරේක 17
එකතුව - ඕවර 48 කදී කඩුලු 3 ක් දැවී 249
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ : 
ජැක් හේන්ස්, ජැමී ස්මිත්, ලයාම් පැටර්සන්, මැතිව් ෆිෂර්, ජැක් කාසන් සහ සෑම් කුක් 
පන්දු යැවීම : 
මිලාන් රත්නායක 10-1-42-0
අම්ෂි ද සිල්වා 6-0-26-0
ලසිත් ඇඹුල්දෙණිය 17-0-89-2
ලක්ෂිත මානසිංහ 7-0-49-0
සහන් ආරච්චිගේ 6-1-22-1
දුනිත් වෙල්ලාලගේ 2-0-07-0

අදහස් (0)

ලයන්ස් පිල පළමු දිනයේදීම ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.