Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රෝහිත් ශර්මාට කොරෝනා

රෝහිත් ශර්මාට කොරෝනා

editorial - 2022 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයිද, මේ වන විට ඔහු ස්වං නිරෝධායනයට යොමුකර ඇතැයිද  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
 
ඊයේ (25 වැනිදා) සිදුකර ඇති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ශර්මා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර එය තහවුරු කරගැනීම සඳහා අද (25 වැනිදා) දිනයේදී ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

ඉන්දීය කණ්ඩායම සහ ලීස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන සිවුදින තරගයටද ශර්මා සහභාගි වී සිටි නමුත් තරගයේ තෙවැනි දිනයේදී ක්‍රියාත්මක වූ ඉන්දීය දෙවැනි ඉනිමේදී ඔහු පන්දුවට පහරදීම සඳහා පිටියට නොපැමිණියේය.

එම තරගයේදී ශුබ්මන් ගිල් සමග එක්ව ඉන්දීය පළමු ඉනිම ආරම්භ කළ ශර්මා, හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක් ලබා සිටියදී රෝමන් වෝක්නර්ගේ පන්දුවක් හමුවේ ඇබිඩින් සකන්ඩේ අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

මෙම තත්ත්වය මත එංගලන්තයට එරෙහිව ජූලි මස 1 වැනිදා එජ්බැස්ටන්හිදී ආරම්භවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශර්මගේ සහභාගිත්වය අවිනිෂ්චිත තත්ත්වයක පවතින බවද වාර්තා වේ. ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ සෙසු නිත්‍ය ආරම්භක පිතිකරුවා වන ලෝකේෂ් රාහුල්ද ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරනු ඇත.

ඉකුත් වසරේදී (2021) පැවැත්වීමට නියමිතව තිබුණද කොරොනා වසංගතය හේතුවෙන් කල් දමන ලද මෙම ටෙස්ට් තරගයට පෙර පැවැති තරග 4 දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම දස්කම් දක්වනු ලැබ තිබුණේද ශර්මා විසිනි. එහිදී 52.27 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 368 ක් රැස්කිරීමට ඔහු සමත්ව සිටියේ ඕවල් ක්‍රීඩාංගණයේදී ලබාගත් ශතකයක්ද සමගිනි.


-036


අදහස් (0)

රෝහිත් ශර්මාට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.