Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පරාජිත පාපන්දු පිලට මාස 3 කදී කෝටියක්

පරාජිත පාපන්දු පිලට මාස 3 කදී කෝටියක්

editorial - 2021 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ)

‘මාලේ’ නුවරදී පැවැත්වෙමින් තිබෙන 13 වැනි දකුණු ආසියානු (සාෆ්) ශූරතා පාපන්දු තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට පසුගිය මාස තුනක (3) කාලයක් සඳහා පමණක් රුපියල් කෝටියකට ආසන්න දීමනා හා ගෙවීම් ලබාදී තිබේ. ඒ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ  ක්‍රීඩකයන් 22 දෙනකු වෙනුවෙනි. 

සාෆ් පාපන්දු ශූරතාවලිය ඉලක්ක කරමින් ජාතික පාපන්දු  පුහුණු  සංචිතයේ සියළු ක්‍රීඩකයන්ගේ ගෙවීම් ඉහළ දැමීමට ‘ශ්‍රී ලංකා පාපන්දු’ පියවර ගත්තේය. ඒ අනුව එක් ක්‍රීඩකයෙකුට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් පමණ වන මාසික දීමනාවක් ගෙවීමට කටයුතු කර තිබේ. 

තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග 4 න් 3 ක්ම පරාජය වූ අතර ඉන්දියාවට එරෙහිව පැවැති තරගය පමණක් ගෝල 0-0 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ඉන්දියාවට එරෙහි තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට රුපියල් 50,00ක් බැගින් වන විශේෂ දීමනාවක් ගෙවීමටද ශ්‍රී ලංකා පාපන්දු කටයුතු කළේය. යම් හෙයකින් මාලදිවයින සමග තරගය ජය ගත්තේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් වන ප්‍රසාද දීමනාවක් ගෙවීමටද  ශ්‍රී ලංකා පාපන්දු සුදානම්ව සිටියේය. එහෙත් තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේදී ශ්‍රී ලංකා පිලට හිමිවූයේ අවසන් ස්ථානයයි. තරගාවලියේදී ශ්‍රී ලංකාව කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත්විය.

තරග 4 කදී ගෝල 2 ක් පමණක් ලබාගත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 5 ක් ලබාගැනීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට දුන්නේය. 

ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ මාස තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගෙවීම් සඳහා පමණක් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කළ අතර පුහුණු කටයුතු හා වෙනත් පහසුකම් සඳහා ද තවත් රුපියල් කෝටි ගණනක් වියදම් කළ බවයි. එම වියදම් තවමත් ගණන් බලා නැතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. 

සාෆ් පාපන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සඳුදා දිවයිනට පැමිණියේය. 


අදහස් (0)

පරාජිත පාපන්දු පිලට මාස 3 කදී කෝටියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.