Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට
මධ්‍යම ආසියනු වොලිබෝල්

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

editorial - 2021 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(නාමල් පතිරගේ)

සත්කාරක බංග්ලාදේශය වට 3/0 කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව අද (28) නිමාවට පත්වූ මධ්‍යම ආසියනු වොලිබෝල් තරග මාලාවේ පිරිමි ශූරතාව දිනා ගත්තේය. ඒ ලකුණු 28/26, 25/20, 25/20 ක් පරිදිය. එහිදී විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව තරගාවලිය අපරාජිතව ජය ගැනීමට සමත් වීමයි.

බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවති තරග මාලාවේ කාන්තා තෙවැනි ස්ථානය වට 3/0 කට (26/24, 25/16, 25/22) හිමි කර ගැනීමට අද ශ්‍රී ලංකාව සමත් වූයේ කිරිකිස්ථානය පරාජයට පත් කරමිනි.

එහිදී නේපාලය විසින් වට 3-2කින් උස්බෙකිස්ථානය පරාජය කරමින් කාන්තා තරගාවලිය අද ජය ගත්තේය.

පිරිමි තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන් වූ උස්බෙකිස්ථානය, මාලදිවයින, නේපාලය හා බංග්ලාදේශය මූලික වටයේදී පරාජයට පත් කිරීමට සමත් විය. ඒ අනුව සත්කාරක බංග්ලාදේශය ජයග්‍රාහී ශ්‍රී ලංකාව අතින් තරගාවලියේ දෙවතාවක් පරාජයට වී තිබේ.

ශ්‍රී ලංකාව වසර 2013 දී පළමු දකුණු ආසියානු ශූරතා වොලිබෝල් (පිරිමි) තරගාවලිය ජයගැනීමෙන් පසුව ජාත්‍යන්තර වොලිබෝල් (පිරිමි) තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙයයි. මෙහිදී කැපී පෙනෙන්නේ දකුණු ආසියාවෙන් පිටත රටක්ද ශ්‍රී ලංකාව වෙතින් පරාජය වීමයි.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ජාතික වොලිබෝල් කණ්ඩායමේ හිටපු නායකයකු වන කාලික වසන්තප්‍රිය මහතාගේ පුත්‍රයා වන ලසිඳු නෙත්මල් වසන්තප්‍රිය කටයුතු කළේය. ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ චන්න ජයසේකර මහතායි. තෙවැනි ස්ථානය හිමිකර ගත් ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ නායිකාව වූයේ තිළිණි වාසනාය. චාර්ල්ස් තිලකරත්න මහතා ප්‍රධාන පුහුණුකරු විය.

 

තෙවැනි ස්ථානය හිමිකර ගත් ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම


අදහස් (0)

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.