Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී

එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී

editorial - 2023 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජේසන් රෝයි ලබාගත් ශතකයෙන් පසුව බංග්ලාදේශ පන්දු යවන්නන්ට රිදෙන්නම තැලූ සෑම් කරන්, පන්දු 19 කින් නොදැවී ලකුණු 33 ක් ලබාගත්තා පමණක් නොව, ඕවර 6 කදී කඩලු 4 ක් දවාගනිමින් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජයේ අගාධය කරා තල්ලු කර හැරියේය. බංග්ලාද්ශයේ අගනුවර වන ඩකා ආසන්නයේ මීර්පූර් නුවරදී අද (03 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 132 ක ජයක් අත්කරගත් එංගලන්ත ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත තරගාවලියේදී 2-0 ක් ලෙසින් වේලාසනින්ම පෙරමුණ ගත්හ.

පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 326 ක් ලබාගත්තේය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් බංග්ලාදේශ පන්දු යවන්නන්ට පන්න පන්නා පහර දුන් ජේසන් රෝයි සහ ජොස් බට්ලර් දෙදෙනා ඕවර 15.3 කදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක් එක්කළහ.

පළමුවෙන් පිති අතට ගත් එංගලන්ත පිතිකරුවන් අතුරින් පිල් සෝල්ට්, ජේම්ස් වින්ස් සහ ඩේවිඩ් මලාන් ඉක්මනින් දැවී ගිය නමුත් ජේසන් රෝයි සහ ජොස් බට්ලර් දෙදෙනා බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ රිසි සේ ලකුණු ලබාගත්හ.

මේ වන විට සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ අංශ දෙකේම (එක්දින සහ විස්සයි-20) ලෝක ශූරයන් වන එංගලන්තය බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ තමන්ගේ තරම පෙන්වූයේ සිතූ මනාපය පරිදි පන්දුව හතරේ සීමාවට යවමිනි. වසර 5 කට පසුව බංග්ලාදේශයේදී ලකුණු 300 කඩයිම පැන්න පළමු කණ්ඩායම බවටත් එංගලන්තය වාර්තා පොතට එක්වූයේය.

සෑම් කරන් ලකුණු 09 ක් ඇතුළතදී කඩුලු 3 ක් බිඳහෙළුෑ අතර එතැනින් හිස එසවීමට බංග්ලාදේශ පිතිකරුවෝ අපොහොසත් වූහ. සකිබ් අල් හසන් ලකුණු 58 ක් ලබාගත් නමුත් දකුණතින් පා දඟ පන්දු යවන අදිල් රෂීඩ් හමුවේ සෙසු පිතිකරුවෝ සියලු දෙනාම අසාර්ථක වූහ.

දෙපිල අතර අවසන් එක්දින තරගය ලබන සඳුදා චිතගොන් නුවරදී පැවැත්වෙයි.


එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 326 යි
(ජේසන් රෝයි 132, ඩේවිඩ් මලාන් 11, ජොස් බට්ලර් 76, මොයින් අලී 42, සෑම් කරන් නොදැවී 33, ටස්කින් අහමඩ් 66/3, මෙහෙදි හසන් මිරාස් 73/2)

බංග්ලාදේශය - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 194 යි
(ටමීම් ඉක්බාල් 35, සකිබ් අල් හසන් 58, මහමදුල්ලා 32, අෆිෆ් හොසේන් 23, ටස්කින් අහමඩ් 21, සෑම් කරන් 29/4, අදිල් රෂීඩ් 45/4)

- 213


අදහස් (0)

එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.