Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවියන්ගේ බැනියම කෝටි 335 කට විකිණෙයි

දෙවියන්ගේ බැනියම කෝටි 335 කට විකිණෙයි

editorial - 2022 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආර්ජන්ටිනාව 1986 වසරේ පාපන්දු ලෝක ශූරයන් බවට පත්වෙද්දී නායක දියාගෝ මැරඩෝනා ඇඳ සිටි බැනියම ඇමරිකානු ඩොලර් මිලියන 9.3 ක වාර්තාගත මිලකට වෙන්දේසි වී තිබේ. එසේ වෙන්දේසි වී ඇත්තේ 1986 මෙක්සිකෝ ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී මැරඩෝනා ඇඳ සිටි බැනියමයි.

නිල් පැහැති එම බැනියම මිලදී ගැනීම සඳහා හඳුනා නොගත් ගැනුම්කරුවෙකු වැය කර ඇති මුළු මුදල යූරෝ 7,142,500 ක් නොහොත් ඇමරිකානු ඩොලර් 9,284,536 කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 335 ක් ඉක්මවයි. මෙම බැනියම විශේෂිත වන්නේ ‘දෙවියන්ගේ හස්තය’ නම්න් හැදින්වෙන සුප්‍රසිද්ධ ගෝලය වාර්තා කරන විට මැරඩෝනා ඇඳ සිටි බැනියම එය වීම හේතුවෙනි.

මෙම බැනියම මින් පෙර එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු මැද පෙළ ක්‍රීඩකයකු වූ ස්ටීව් හොජ් සතුව තිබූ අතර ඔහු අර්ධ අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව ලැබූ ගෝල 2-1 ක ජයග්‍රහණයෙන් පසුව මැරඩෝනා සමග සිය කමිසය හුවමාරු කරගත්තේය.

ලෝක ඉතිහාසයේ ක්‍රීඩකයකු සතු ක්‍රීඩා භාණ්ඩයක් හෝ නිල ඇඳුමක් වෙන්දේසි වූ ඉහළම මිල ලෙස මෙය ලෙසින්ද වාර්තා අතරටද එක් විය. විසිවැනි සියවසේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස කිරුළු පැළඳ සිටි මැරඩෝනා, 60 වැනි වියේ පසුවෙද්දී හෘදයාබාධයක් හේතුවෙන් 2020 වසරේ නොවැම්බර් මස 25 වැනිදා දිවියෙන් සමුගත්තේය.

-036

 


අදහස් (0)

දෙවියන්ගේ බැනියම කෝටි 335 කට විකිණෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.