Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වර්ස්ටපන් පෙරමුණ රැකගනී

වර්ස්ටපන් පෙරමුණ රැකගනී

editorial - 2021 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියට අයත් ගෝන් ප්‍රී තරග 14 ක් අවසානයේ ක්‍රීඩක ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ රැක ගැනීමට රෙඞ්බුල් රේසිං හෝණ්ඩා කණ්ඩායම නියෝජනය කරන නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටපන් සමත්ව සිටියි. තරග 7 ක් ජයගෙන, තරග 3 ක දෙවැනි ස්ථාන හිමිකරගෙන සිටින වර්ස්ටපන්, මේ වන විට ලබා සිටින ලකුණු සංඛ්‍යාව 226.5 කි.

ඉතාලි, මොනාකෝ, ප්‍රංශ, ඔස්ටි්‍රයානු, සිරියානු, බෙල්ජියම් සහ නෙදර්ලන්ත ගෝන් ප්‍රී තරගවලදී ජයග්‍රහණය වාර්තා කළ වර්ස්ටපන් බහරේන්, පෘතුගාල සහ ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගවලදී දෙවැනි ස්ථානයට පත් විය. හංගේරියානු ගෝන් ප්‍රී තරගයේදී අනතුරකට ලක්වීම හේතුවෙන් ලැබූ පසුබෑම හමුවේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඇද වැටුණ ඔහු, බෙල්ජියම් සහ නෙදර්ලන්ත ගෝන් ප්‍රී තරග ජයගනිමින් නැවතත් එහි පෙරමුණට පැමිණියේය. 

වර්ස්ටපන් සමග කරට කර සටනක නිරතව සිටින මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරන බි්‍රතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් තරග 13 ක් අවසානයේ ලබා සිටින ලකුණු සංඛ්‍යාව 221.5 කි. බහරේන්, පෘතුගාල,  ස්පාඤ්ඤ සහ බි්‍රතාන්‍ය ගෝන් ප්‍රී තරග ජයගැනීමට සමත් වූ හැමිල්ටන් ඉතාලි, ප්‍රංශ, ඔස්ටි්‍රයානු, හංගේරියානු සහ නෙදර්ලන්ත ගෝන් ප්‍රී තරගවල 2 වැනි ස්ථානයත්, බෙල්ජියම් ගෝන් ප්‍රී තරගයේ තෙවැනි ස්ථානයත් හිමිකර ගත්තේය. 

ඉකුත් සති අන්තයේදී පැවැති ඉතාලි ගෝන් ප්‍රී තරගය අතරතුර සිදුවූ අනතුරක් හේතුවෙන් වර්ස්ටපන්ට මෙන්ම හැම්ල්ටන්ටද තරගය නිමා කිරීමට නොහැකි වූහ. වට 53 කින් සමන්විත වූ එම තරගයේ 25 වැනි වටය තුළදී වර්ස්ටපන්ගේ රථය සහ හැමිල්ටන්ගේ රථය එකිනෙක ගැටුණ අතර එම අනතුර හේතුවෙන් ඔවුන් දෙදෙනාටම යළිත් තරගයට අවතීර්ණ වීමට නොහැකි විය. ඒ හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල කිසිදු වෙනසක් සිදු නොවීය. 

පසුගිය වසර 4 ද ඇතුළත්ව 7 වරක් ෆෝමියුලා-» ලෝක ශූරතාව දිනා ඇති ලුවිස් හැමිල්ටන්, මෙම වසරේදී සිය 8 වැනි ලෝක ශූරතාව හඹායමින් සිටින අතර එහිදී ඔහුගේ ප්‍රබලම ප්‍රතිවාදියා බවට පත්ව සිටින්නේද වර්ස්ටපන්ය. මේ දක්වා ගෝන් ප්‍රී තරග 99 ක් ජයගෙන සිටින හැමිල්ටන්ට මෙවර තරගවාරය තුළදී තවත් ගෝන් ප්‍රී තරගයක් ජයගත හැකි වුවහොත් එය ඔහුගේ 100 වැනි ජයග්‍රහණය ලෙස සටහන් වනු ඇත.

මෙම වසරේ (2021) ලෝක ශූරතාව දිනාගැනීමට හැමිල්ටන්ට හැකි වුවහොත් වැඩිම ලෝක ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වීමේ දුර්ලභ අවස්ථාවද ඔහුට හිමිවනු ඇත. මේ වන විට හැමිල්ටන් සහ හිටපු ලෝක ශූර මයිකල් ශූමාකර් වැඩිම ෆෝමියුලා-» ලෝක ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයන් ලෙස සම වාර්තාවකට හිමිකම් කියති. 

ක්‍රීඩක ශ්‍රේණිගත කිරිම්වලට අනුව හැමිල්ටන්ට වඩා ලකුණු 5 ක් ඉදිරියෙන් සිටීමට වර්ස්ටපන් සමත් වුවද, කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනට අනුව වර්සටපන්ගේ කණ්ඩායම, හැමිල්ටන්ගේ කණ්ඩායමට වඩා ලකුණු 18 ක් පසුපසින් සිටියි. මර්සිඩීස් කණ්ඩායම ලකුණු 362.5 ක් ලබා මේ වන විට කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම ලකුණු 344.5 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

තවත් ගෝන් ප්‍රී තරග 7 කින් මෙවර ෆෝමියුලා-» ලෝක ශූරතාවලිය සමන්විත වන අතර රුසියානු (සැප්. 26), තුර්කි (ඔක්. 10), ඇමරිකානු (ඔක්. 24), මෙක්සිකෝ (නොවැ. 07), බ්‍රසීල (නොවැ. 14), සවුදි ආරාබියානු (දෙසැ. 05) සහ අබුඩාබි (දෙසැ. 12) එම ගෝන් ප්‍රී තරග වේ. එම තරග 7 තුළදී ක්‍රීඩකයන් ලබාගන්නා ලකුණු සංඛ්‍යාවන් අනුව මෙම වසරේ ශූරයා කවුදැයි යන්න තීරණය වනු ඇත. 

-036


අදහස් (0)

වර්ස්ටපන් පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.