Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය (12 වැනිදා) ඊයේ සමත් විය. මෙම ජයත් සමග තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද බංග්ලාදේශයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක පහසු ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ, ඕවර 18.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදීද දක්ෂ පිතිහරඹයක නිරත වූ නජ්මුල් හොසේන්, පන්දු 47 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 46 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට මෙහෙදි හසන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. එහිදී සිය ඕවර 4 ලකුණු 12 කට සීමා කළ හසන් කඩුලු 4 ක් බිඳහෙළුවේය.
එංගලන්තය - ඕවර 20 කදී සියලු දෙනා දැවී 117
(පිලිප් සෝල්ට් 25, බෙන් ඩකට් 28, මෙහෙදි හසන් 12/4)
බංග්ලාදේශය - ඕවර 18.5 කදී කඩුලු 6 ක් දැවී 120
(නජ්මුල් හොසේන් නොදැවී 46, තව්හිද් රිදෝයි 17, මෙහෙදි හසන් 20, ජොෆ්රා ආචර් 13/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.