Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ ඉදිරියට පනිති
බෝඩර් - ගවස්කාර් කුසලාන

ඉන්දියානුවෝ ඉදිරියට පනිති

editorial - 2023 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පන්දු යවන්නන් කිසි ලෙසකින් අපේක්‍ෂා නොකළ පරිදි අහමදාබාද්හිදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 480 ක් ලබාගත්හ. ඊට ප්‍රබල පිළිතුරක් දුන් ඉන්දියානුවෝ, තරගයේ සිව්වැනි දිනය වූ අද (12 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 571 ක් ලබාගනිමින් මුල් ඉනිමේදී ලකුණු 91 ක වාසියක් අත්කර ගත්හ.

අද සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 03 ක් ලබා සිටියේය.

වසර තුනකට පසුව ටෙස්ට් ශතකයක් ලබාගත් විරාට් කෝලි (186) සහ ඉවක් බවක් නැතිව ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට තැළූ අක්ෂර් පතෙල් (79) ඉන්දීය කණ්ඩායම මෙම ශක්තිමත් ස්ථාවරයට කැඳවාගෙන ගියහ. මේ වන විටත් 2-1 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටින ඉන්දියානුවෝ තරගාවලියේ එක දිනයක් පමණක් ඉතිරිව තිබියදී, තරගාවලියේ ජයග්‍රහණය ස්ථිර කරගත්තේ එක ඉතිරිව ඇති දිනයේදී තමන් පරාජය නොවන බව තහවුරු කරගනිමිනි.

සිය 8 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය සොයා ගිය විරාට් කෝලි, එය පෙනෙන මානයේ සිටියදී, ටොඩ් මර්ෆි හමුවේ දැවී ගියේය. ඉන්දීය පිලේ දැවී ගියේ කඩුලු 9 ක් වුවද පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් ශ්‍රෙයාස් අයියර් පන්දුවට පහර දුන්නේ නැත.

මෙම ශතකය විරාට් කෝලිගේ 28 වැනි ටෙස්ට් ශතකයයි. මේ වන විට අන්තර්ජාතික ශතක 75 ක හිමිකරුවකු වන කෝලි, ශතකය ලබාගැනීමෙන් පසුව සිය කර පැළඳි මාලයට අමුණා තිබූ රන් සුරය සිපගත් අතර පසුව අහස දෙස බලා කිසිවක් කීවේය.

කෝලි සහ අක්ෂර් පතෙල් අතර හයවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 162 කි.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 480 යි
(ට්‍රැවිස් හෙඩ් 32, උස්මන් කවාජා 180, ස්ටීවන් ස්මිත් 38, පීටර් හැන්ඩ්ස්කොම්බ් 17, කැමරන් ග්‍රීන් 114, නේදන් ලයන් 34, ටොඩ් මර්ෆි 41, මොහොමඩ් ශාමි 134/2, රවිචන්ද්‍රන් අශ්වින් 91/6)

ඉන්දියාව - පළමු ඉනිම 571 යි
(රෝහිත් ෂර්මා 35, ෂුබ්මන් ගිල් 128, චෙටේස්වාර් පුජාරා 42, විරාට් කෝලි 186, රවීන්ද්‍ර ජදේජා 28, ශ්‍රීකාර් භාරත් 44, අක්ෂර් පතෙල් 79, නේතන් ලයන් 151/3, ටොඩ් මර්ෆි 113/3)

ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 03

- 213


අදහස් (0)

ඉන්දියානුවෝ ඉදිරියට පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.