Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සචින් - තිළිණි අවසන් යුගල 16 අතරට
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

සචින් - තිළිණි අවසන් යුගල 16 අතරට

editorial - 2022 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර යුගල ඉසව්වේ දෙවැනි වටය (32 දෙදෙනාගේ) යටතේ අද (4 වැනිදා) පැවැති තරගයකදී කැනඩාවේ ටයි ලින්ඩෙමන්ට සහ ජොසපින් වූට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා සමත් වූහ.

‍මෙම ජයග්‍රහණයත් සමග මිශ්‍ර යුගල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ) සුදුසුකම් ලබාගැනීමටද සචින්ට සහ තිළිණිට හැකි වූහ.‍ එහිදී ඔවුන් දකුණු අප්‍රිකාවේ රොබට් සමර්ස්ට සහ ජෙහනිටා ස්චොල්ට්ස්ට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (5 වැනිදා) පස්වරු 3.30 ආරම්භ වනු ඇත.

දෙවැනි වටය යටතේ සහභාගි වූ තරගයේ පළමු වටය ලකුණු 21/11 ක් ලෙස ජයගත් සචින් සහ තිළිණි,  තියුණු සටනකින් පසුව දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/18 ක් ලෙසිනි. ඔවුන් දෙදෙනා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී නිතරග ජයක් ලබමිනි.


අදහස් (0)

සචින් - තිළිණි අවසන් යුගල 16 අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.