Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

editorial - 2021 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ‍ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි පෙරහුරු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අබුඩාබිහිදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව සහභාගිවන මීළඟ පෙරහුරු තරගය අනිද්දා (14 වැනිදා) පැපුවා නිව්ගිණියාවට එරෙහිව පැවැත්වීමට නියමිතය.

ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය. එහිදී අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 40 කදී නොදැවී ලකුණු 58 ක්ද, චාමික කරුණාරත්න පන්දු 10 කදී නොදැවී ලකුණු 29 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 147 ක් ලබාගත් අතර බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සෞම්‍ය සාකර් පන්දු 26 කදී ලකුණු 34 ක් රැස්කළේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගත්තේය.

 

බංග්ලා‍දේශය - ඕවර 20 කදී කඩුලු 7 කට 147

(ලිටන් දාස් 16, සෞම්‍යා සාකර් 34, මුෂ්ෆිකුර් රහීම් 13, දුෂ්මන්ත චමීර 27/3)

 

ශ්‍රී ලංකාව - ඕවර 19 කදී කඩුලු 6 කට 148

(අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී 58, පැතුම් නිස්සංක 15, දිනේෂ් චන්දිමාල් 13, චාමික කරුණාරත්න නොදැවී 29)

-036


අදහස් (0)

ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.