Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෙරළ වොලිබෝල් පිල සටනක් දී පරදී
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

වෙරළ වොලිබෝල් පිල සටනක් දී පරදී

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වෙරළ‍වොලිබෝල් පිරිමි ඉසව්වේ අද (5 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ඕස‍්ට්‍රේලියාව හමුවේ වට 2-1 ක් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම ඉසව්වේ ‍අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

ලකුණු 21/16 ක් ලෙස එම තරගයේ පළමු වටය ජයගැනීමට ශ්‍රී ලංකාවේ මලින්ත යාපා සහ අෂේන් රෂ්මික, සමත් වුවත්, දෙවැනි සහ තෙවැනි වටවලදී ඔවුන් දෙදෙනා ලකුණු 21/16 ක් සහ 15/09 ක් ලෙස ඕස්ට්‍රේලියාවේ ක්‍රිස් මැක්හග් සහ පෝල් බර්නෙට් හමුවේ පරාජයට පත්වූහ.

මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාව, එහිදී කැනඩාව හමුවේ වට 2-0 ක් ලෙසද, ගැම්බියාව හමුවේ වට 2-1 ක් ලෙසද පරාජයට පත්වූ අතර ශාන්ත කිට්ස් සහ නෙවීස් දූපතට එරෙහිව වට 2-0 ක ජයක් ලැබීය. ඒ අනුව ‘ඒ’ කාණඩයේ තෙවැනියා ලෙස ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසියේය.


අදහස් (0)

වෙරළ වොලිබෝල් පිල සටනක් දී පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.