Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳු හසරංග 3 වැනි තැනට

වනිඳු හසරංග 3 වැනි තැනට

editorial - 2021 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි20 පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථනය දක්වා ඉහළට පැමිණමට පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී ඇත. තවමත් 23 වැනි වියේ පසුවන වනිඳු, මේ දක්වා ජාත්‍යන්තර ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමක හිමිකරගත් ඉහළම ස්ථානය මෙයයි.

මේ දක්වා විස්සයි20 ජාත්‍යන්තර තරග 19 කට ක්‍රීඩා කර ඇති වනිඳු එහිදී කඩුලු 26 ක් දවාගැනීමට සමත්ව ඇත්තේ 15.76 ක සාමාන්‍යක් රඳවා ගනිමිනි. විස්සයි20 තරග 4 කදී කඩුලු 3 බැගින් දවාගෙන ඇති වනිඳුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ මෙම වසරේ මාර්තු මස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 12 කට කඩුලු 3 ක් දවාගැනීමය.

විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 12 තුළ රැදී සිටින පන්දු යවන්නන් අතරින් 11 දෙනෙක්ම දඟ පන්දු යවන්නන් වන අතර ඔවුන් අතරින් 9 දෙනෙක් පා දඟ පන්දු යවන්නෝ වෙති. ඉන් පළමු, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගෙන සිටිනේද පා දඟ පන්දු යවන්නන් වීමෙන් ඔවුන් විස්සයි20 පිටිය ආක්‍රමණය කර ඇති බවට මනාව පැහැඳිලි කරයි.  

තබ්‍රේස් ශම්සි (දකුණු අප්‍රිකාව) සහ රෂීඩ් ඛාන් (ඇෆ්ඝනිස්තානය) පිළිවෙලින් ශ්‍රේණිගත කිරීම්හි පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගෙන වනිඳුට ඉදිරියෙන් සිටිති. අදිල් රෂීඩ් (එංගලන්තය) සහ මුජිබුර් රහමන් (ඇෆ්ඝනිස්තානය) පිළිවෙලින් සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන වනිඳුට පසුපසින්ද රැදී සිටිති.

 වනිඳුට අමතරව ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන්ය. ඔහු 12 වැනි ස්ථානයේ පසුවේ. මේ දක්වා විස්සය20 තරග 20 කට ක්‍රීඩා කර ඇති සඳකැන් එහිදී කඩුලු 23 ක් බිඳහෙළා ඇති අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 24.21 ක් ලෙස සටහන් වේ.

ඔවුන් දෙදෙනා හැරුණුකොට ශ්‍රේණිගත කිරීම්වලට අනුව හොඳම විස්සයි20 පන්දු යවන්නන් 100 අතර තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් සිටින අතර දුෂ්මන්ත චමීර (42), ලසිත් මාලිංග (43), අකිල ධනංජය (55) සහ ඉසුරු උදාන (81) එම ක්‍රීඩකයෝ වෙති. කෙසේ වුවත් ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළ ලසිත් මාලිංග, 2020 මාර්තු මාසයෙන් පසු මේ දක්වා විස්සයි20 තරගයකට ක්‍රීඩා කර නොමැත.

ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි20 පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට එංගලන්තයේ ඩේවිඩ් මැලන් සමත්ව සිටියි. පාකිස්තාන නායක බාබර් අසාම් සහ ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පිළිවෙලින් එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගෙන සිටිති. හොඳම විස්සයි20 පිතිකරුවන් 100 අතර රැදී සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් වන්නේ කුසල් පෙරේරා (39), ධනුෂ්ක ගුණතිලක (56) සහ කුසල් මෙන්ඩිස් (80) පමණි.

 


සැකසුම - ශානුක අරවින්ද


අදහස් (0)

වනිඳු හසරංග 3 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.