Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රග්බි නිලවරණයේ ඡන්දය ලබාගන්න බොරු වපුරති

රග්බි නිලවරණයේ ඡන්දය ලබාගන්න බොරු වපුරති

යොහාන් භාසුර - 2020 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමයේ 2020 නිලවරණයේ ඡන්ද බලය හිමිකරගැනීමට සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා රග්බි නිලවරණ කමිටුවට ලබාදී ඇති බොහෝ තොරතුරු අසත්‍ය ඒවා බවට චෝදනා එල්ල වී තිබේ. එම තොරතුරු සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට ඊයේ (26) අවස්ථාව ලබාදී තිබූ බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

ඇතැම් ආරක්‍ෂක අංශවල කොටස් ලෙස විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන රග්බි කණ්ඩායම් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ක්‍රීඩා සමාජ ලෙස නම් කර ඇති බවට දැනගන්නට තිබේ. ආරක්‍ෂක අංශවල ප්‍රධාන සංගමය ඡන්දය බලය හිමිකරගෙන සිටියදී විවිධ ප්‍රදේශවලින් ක්‍රීඩා සමාජ ලෙස ඡන්දය බලය ඉල්ලා සිටීම අනුමත කළ නොහැකි බව රග්බි පරිපාලනයේ ප්‍රවීණයෝ පවසති.      

බොහෝ ක්‍රීඩා සමාජ ක්‍රියාකාරිත්වය පෙන්වීම සඳහා තරගාවලිය පැවැත්වූ බවට තොරතුරු යොමුකර තිබුණ ද එම තරගාවලි සංවිධානය නොකළ බවටද චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජ පිළිබඳව මේ වන විට ගැටලුවක් නිර්මාණය වී ඇති අතර බස්නාහිර පළාත් රග්බි සංගමයේ සාමාජිකයන් වන පළමු පෙළ ක්‍රීඩා සමාජ හත ශ්‍රී ලංකාව රග්බි සංගමයේ යාවජීව සාමාජිකත්වය ඉල්ලා සිටීමෙන් මෙම තත්ත්වය වඩාත් ව්‍යාකූල වී තිබේ.

මෙම තත්ත්වය හමුවේ රග්බි නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන ක්‍රීඩා සමාජ පිළිබඳව ගැටළුවක් නිර්මාණ වූ අතර ඒ අනුව ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජ තෝරාගැනීමට නිලවරණ කමිටුවට සිදුව තිබේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල රග්බි නිලවරණ කමිටුව මෙම ක්‍රීඩා සමාජවල සුදුසුකම් පිළිබඳව සළකා බැලීමට නියමිතය.

රග්බි පරිපාලන නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණය අගෝස්තු මස 29 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නාමයෝජනා ලබන ජූලි මස 20 වැනිදා බාරගැනීමට සැළසුම් කර තිබේ.


අදහස් (0)

රග්බි නිලවරණයේ ඡන්දය ලබාගන්න බොරු වපුරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.