Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුම්බායි පියවරක් ඉදිරියට
අයි.පී.එල්. 2023

මුම්බායි පියවරක් ඉදිරියට

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආකාශ් මද්වාල්ගේ (3.3-0-05-5) ඇදහිය නොහැකි පන්දු යැවීම හේතුවෙන් චෙන්නායි නුවර චෙපොක් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති පිළිමළුන් පිටුදැකීමේ අයි.පී.එල්. තරගයේදී මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ලකුණු 81 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ. මෙම තරගය ජයගැනීමත් සමගින් මුම්බායි පිල අවසන් මහ තරගය සඳහා තවත් පියවරක් ළං වූයේය.

පන්දු 21 ක් පමණක් යැවූ මඳ වේග පන්දු යවන්නකු වන මද්වාල් ලකුණු 05 ක් පමණක් දෙමින් කඩුලු 5 ක් දවාගත්තේය. මද්වාල්ගේ පන්දු හමුවේ කරකියාගත දෙයක් නොමැති වූ ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට ඕවර 16.3 කදී ලබාගත හැකිවූයේ ලකුණු 101 ක් පමණි.

කැමරන් ග්‍රීන් (41) සහ සූර්යකුමාර් යාදව් (33) දෙදෙනා එක්ව පන්දු 38 කදී ලබාගත් ලකුණු 66 හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 182 ක් ලබාගත්හ.

දැන් මුම්බායි පිල ඉදිරියේ බාධකයක් ලෙසින් සිටින්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගත් ගුජරාට් ටයිටන්ස් පිල පමණි. ගුජරාට් සහ මුම්බායි කණ්ඩායම් අතර සිකුරාදා පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන් ලබන ඉරිදා (28 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමගින් තරග වදිනු ඇත.

ලක්නව් නායක කෘනාල් පාණ්ඩ්‍යා (08) එක අන්තයක රඳවාගනිමින්, පන්දු 27 කින් ලකුණු 40 ක් ලබාගැනීමට ඕස්ටේ්‍රලියානු පිතිකරු මාකස් ස්ටොයිනිස් සමත් වූ නමුත් පාණ්ඩ්‍යා දැවී යාමත් සමගින් ලක්නව් පිලට තිබූ බලාපොරොත්තු ගිළිහී ගියේය. පාණ්ඩ්‍යා දැවී යාමත් සමගින් ලකුණු 32 ක් ඇතුළත ලක්නව් පිලේ පිතිකරුවෝ අට දෙනෙක්ම පිටියෙන් ඉවත්ව ගියහ.


මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 182 යි
(ඉෂාන් කිෂන් 15, රෝහිත් ෂර්මා 11, කැමරන් ග්‍රීන් 41, සූර්යකුමාර් යාදව් 33, තිලක් වර්මා 26, ටිම් ඩේවිඩ් 13, නේහාල් වද්රා 23, නවීන් උල් හක් 38/4, යාෂ් ඨාකූර් 34/3)

ලක්නව් සුපර් ජයන්ට්ස් - ඕවර 16.3 කදී සියලු දෙනා දැවී 101 යි
(කයිල් මේයර්ස් 18, මාකස් ස්ටොයිනිස් 40, දීපාක් හූඩා 15, ආකාශ් මද්වාල් 05/5)

 

- 213


අදහස් (0)

මුම්බායි පියවරක් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.