Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශය ගෝල 1-0 කින් ශ්‍රී ලංකාව පරදවයි
සාෆ් 20න් පහළ පාපන්දු

බංග්ලාදේශය ගෝල 1-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

editorial - 2022 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඉන්දියාවේ බුබනේෂ්වර් නුවර කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දකුණු ආසියානු වයස 20 න් පහළ පාපන්දු තරගාවලියේ අද (25 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට දෙපිලම ගෝල ලබා නොසිටියහ. දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 26 ක් ගතවන වි⁣ට එනම් තරග⁣යේ 71 වැනි විනාඩියේදී එම්. මිරාජුල් බංග්ලාදේශය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

අද පැවැති තවත් තරගයකදී මාලදිවයිනට එරෙහිව ගෝල 4-0 ක පහසු ජයක් වාර්තා කිරීමට අවසන් වරට පැවැති තර⁣ගාවලියේ ශුරයන් බවට පත්වූ නේපාලය සමත් විය.

ඡායාරූප අනුග්‍රහය - දකුණු ආසියානු පාපන්දු සම්මේලනය


අදහස් (0)

බංග්ලාදේශය ගෝල 1-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.