Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානයට 508 ක ඉලක්කයක්
දෙවැනි ටෙස්ට් තරගය

පාකිස්තානයට 508 ක ඉලක්කයක්

editorial - 2022 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)

පිටකොන්දේ ඉහළ සිට පහළට ප්ලාස්ටර් අලවාගෙන පිතිහරඹයේ යෙදුණු දිමුත් කරුණාරත්න (61) සහ මනස්කාන්ත පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා (109) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. පාකිස්තානුවන් කිසිසේත්ම අපේක්‍ෂා නොකළ මොහොතක ගොඩනැඟුණු මෙම සම්බන්ධතාවෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයෙන් ජයගැනීමට නම් සිව්වැනි ඉනිමේදී ලකුණු 508 ක් රැස්කරන ලෙස පාකිස්තානුවන්ට අභියෝග කළේය.

ඉලක්කය කරා යමින් සිටින පාකිස්තානු කණ්ඩායම, තරගයේ සිව්වැනි දිනය වන අද (27 වැනිදා) පස්වරු 3.30 ට පමණ පැවැති මන්දාලෝකය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 89 ක් ලබා සිටියේය. ඉමාම් උල් හක් (නොදැවී 46) සහ නායක බාබර් අසාම් (නොදැවී 26) ඒ වන විට පිටියේ රැඳී සිටියහ.

අද දිවා ආහාරයෙන් පසුවත් අඩහෝරාවක් පමණ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 360 ක් ලබා ගත්තේය. හැකි තරම් වේගයෙන් ලකුණු කරා යාමට උත්සාහ කළ ධනංජය ද සිල්වා සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා, 8 වැනි කඩුල්ල සඳහා විනාඩි 66 කදී ලකුණු 82 ක් එක්කළහ. එහෙත් ධනංජය ද සිල්වා දුවද්දී දැවීයාමත් සමගින් ශ්‍රී ලංකා නායකයා ඉනිම අත්හිටුවීය.

දිමුත්ගේ ධෛර්යවන්ත ඉනිමත් සමගින් දිමුත් සහ ධනංජය ද සිල්වා අතර පැවැති ශතක සම්බන්ධතාව නිමා විය. එහෙත් එතැනින් නතර නොවූ ධනංජය ද සිල්වා, මෑතකදී දැකගත හැකිවූ ඉතාමත් අලංකාර පිතිහරඹයක නිරත වෙමින් තමන්ගේ 9 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය. පැය හතරකට වැඩි කාලයක් පිටියේ රැඳුණු දකුණත් පිතිකරුවා, පන්දු 171 කට මුහුණ දෙමින් හතරේ පහර 16 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.

අද දිනයේ ලකුණු 11 ක් ලබාගැනීමත් සමගින් දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 6000 සීමාව පසුකර ගියේය. දිමුත්, ටෙස්ට් ලකුණු 6000 සීමාව පසුකළ හයවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා වෙයි. කුමාර්  සංගක්කාර (12,400), මහේල ජයවර්ධන (11,814), සනත් ජයසූරිය (6,973), ඇන්ජලෝ මැතිව්ස් (6,953) සහ අරවින්ද ද සිල්වා (6,361) ටෙස්ට් ලකුණු 6000 පසුකළ සෙසු ශ්‍රී ලාංකිකයෝ වෙති.


අදහස් (0)

පාකිස්තානයට 508 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.