Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නෙත්මි‍ ලෝකඩ පදක්කමක් දිනයි
පොදුරාජ්‍ය මන්ඩලයීය ක්‍රීඩා

නෙත්මි‍ ලෝකඩ පදක්කමක් දිනයි

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදුරාජ්‍ය මන්ඩලයීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය. ඇය එම පදක්කමට හිමිකම් කීවේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේදී ඕස්ට්‍රේලියාවේ අයිරින් සයිමන්ඩ්ස්ට එරෙහිව ලකුණු 10-0 ක ජයක් වාර්තා කරමිනි.

මූලික වටයේදී නිතරග ජයක් ලබා දෙවැනි වටයට පිවිසි නෙත්මිට දෙවැනි වටයේදීද නිතරග ජයක් හිමිවූයේ එම තරගයට සහභාගි වීමට නියමිතව සිටි කැමරන් ක්‍රීඩිකාව තරගයට සහභාගි නොවීම හේතුවෙනි. අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ අනූෂා මලික් හමුවේ ලකුණු 10-0 ක පරාජයක් ලැබීම හේතුවෙන් නෙත්මිට ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වැදීමට සිදුවූවාය.

තවමත් 18 වැනි වියේ පසුවන නෙත්මි, මේ දක්වා දිනාගත් පළමු ජාත්‍යන්තර පදක්කම මෙය වන අතර මෙවර පොදු රාජ්‍ය්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් සිවුවැනි පදක්කම මෙන්ම තෙවැනි ලෝකඩ පදක්කමද මෙය විය.


අදහස් (0)

නෙත්මි‍ ලෝකඩ පදක්කමක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.