Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිලූක අවසන් 16 දෙනා අතරට
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

නිලූක අවසන් 16 දෙනා අතරට

editorial - 2022 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ දෙවැනි වටය (32 දෙනාගේ) යටතේ අද (4 වැනිදා) පැවැති තරගයකදී බාර්බඩෝස්හි මිචෙල් මාටින්ට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න සමත් විය.

‍මෙම ජයග්‍රහණයත් සමග පිරිමි කේවල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ) සුදුසුකම් ලබාගැනීමටද නිලූකට හැකි විය.‍ එහිදී ඔහු පාකිස්තානයේ මුරාඩ් අලීට හෝ චීන තායිපේහි ජියා හෙන්ග්ට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

දෙවැනි වටයේදී සහභාගි වූ තරගයේ පළමු වටය ලකුණු 21/06 ක් ලෙස ජයගත් නිලූක, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/05 ක් ලෙසිනි. එම වට දෙකේදීම නිලූකට තරගයක් දීමට ඔහුගේ ප්‍රතිවාදියාට නොහැකි විය.

නිලූක දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී උගන්ඩාවේ ෆ්‍රයිඩේ අටාමාට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමිනි.


අදහස් (0)

නිලූක අවසන් 16 දෙනා අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.