Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිලූකගේ ගමන 16 න් නවතී
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

නිලූකගේ ගමන 16 න් නවතී

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ (16  දෙනාගේ) තරගයකදී සිංගප්පූරුවේ ‍ජියා හෙං තේ හමුවේ වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න පරාජයට පත්විය.

‍මෙම පරාජය හේතුවෙන් නිලූකට පිරිමි කේවල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට (8 දෙනාගේ) සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.‍ එහිදී පළමු වටය ලකුණු 21/13 ක් ලෙස පරාජය වූ නිලූක, දෙවැනි වටය පරාජය වූයේ ලකුණු 21/11 ක් ලෙසිනි. ‍

උගන්ඩාවේ ෆ්‍රයිඩේ අටාමාට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමින් ‍මෙම ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් නිලූක, එහි පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ) සුදුසුකම් ලබාගත්තේ බාර්බඩෝස්හි මිචෙල් මාටින්ට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමිනි.


අදහස් (0)

නිලූකගේ ගමන 16 න් නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.