Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ද්‍රවිඩ සංගම් පිල අවසන් තරගයට
අන්තර් සමාජ ක්‍රිකට්

ද්‍රවිඩ සංගම් පිල අවසන් තරගයට

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

සදීර සමරවික්‍රමගේ දක්ෂ පිතිහරඹයත්, ප්‍රමෝද් මධුෂාන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් අන්තර් සමාජ පළමු පෙළ සීමිත ඕවර තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ද්‍රවිඩ සංගම් කණ්ඩායම අද (31 වැනිදා) සමත් විය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාගංණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී සී.සී.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 16 ක ජයක් ලබමින් ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට පිවිසියහ. අගෝස්තු මස 2 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී යුද හමුදා කණ්ඩායමට එරෙහිව ඔවුන් තරග බිමට පිවිසීමට නියමිතය.

ජයග්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී. කණ්ඩායමට ප්‍රමෝද් මධුෂාන් ඇතුළු ද්‍රවිඩ සංගම් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 222 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රමොද් ලකුණු 51 කට කඩුලු 4 ක් දවාගත් අතර සී.සී.සී. කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් දිලුම් සුදීර සහ ඉසුරු උදාන කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ.

සී.සී.සී. ඉනිමේ නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ලක්ෂාන් සඳකැන් පන්දු 72 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 62 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

ආරම්භක පිතිකරු මිනෝද් භානුක පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 43 ක්ද, පවන් රත්නායක පන්දු 51 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 39 ක්ද, නායක අෂාන් ප්‍රියන්ජන් පන්දු 44 කදී හයේ පහරක් සමග ලකුණු 25 ක්ද රැස්කළහ.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් කණ්ඩායම ඕවර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 238 ක් ලබා ගත්තේය. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ සදීර සමරවික්‍රම පන්දු 82 කින් ලකුණු 74 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි.

ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 48 ක්ද, ධනංජය ද සිල්වා පන්දු 56 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක්ද, නවෝද් පරණවිතාන පන්දු 47 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 38 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ඕවර 9.4 ක් යවමින් ලකුණු 37 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. ද්‍රවිඩ සංගම් පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අෂාන් ප්‍රියන්ජන් ලකුණු 47 කට කඩුලු 2 ක් දවාගත්තේය.  


ද්‍රවිඩ සංගම් පිල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 238
(රොන් චන්ද්‍රගුප්ත 48, සදීර සමරවික්‍රම 74, ධනංජය ද සිල්වා 45, නවොද් පරණවිතාන 38, වනිඳු හසරංග 37/4, අෂාන් ප්‍රියන්ජන් 47/2)

සී.සී.සී. පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 222
(මිනෝද් භානුක 43, කමිඳු මෙන්ඩිස් 16, අෂාන් ප්‍රියන්ජන් 25, පවන් රත්නායක 39, ලක්ෂාන් සඳකැන් නොදැවී 62, ප්‍රමෝද් මධුෂාන් 51/4, දිලුම් සුදීර 40/2, ඉසුරු උදාන 51/2)

 


අදහස් (0)

ද්‍රවිඩ සංගම් පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.