Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කාන්තා වොලිබෝල් පිලත් අර්ධ අවසන් පූර්ව වටයට
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

කාන්තා වොලිබෝල් පිලත් අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වෙරළ‍ වොලිබෝල් කාන්තා ඉසව්වේ ඊයේ (4 වැනිදා) රාත්‍රියේ පැවැති මූලික වටයේ තරගයකදී ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ දූපතට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමින් එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලකුණු 21/14 ක් ලෙස පළමු වටය ජයගත් ශ්‍රී ලංකාවේ දීපිකා බණ්ඩාර සහ චතුරිකා වීරසිංහ, දෙවැනි වටය ජයගත්‍තේ ලකුණු 21/13 ක් ලෙසිනි. එහිදී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ දූපතේ පිලේසියා ආම්ස්ට්‍රෝන් සහ සුරායා චේස්ය.

මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාව එහිදී ඕස්ට්‍රේලියාව හමුවේ වට 2-0 ක් ලෙසද, සයිප්‍රසය හමුවේ වට 2-0 ක් ලෙසද පරාජයට පත්විය. එබැවින් ශ්‍රී ලංකාවට ‍ඊයේ පැවැති තරගය වඩාත් තීරණාත්මක වී තිබිණ. ඊට හේතුව ‘ඒ’, ‘බී’ සහ ‘සී’ යන කණ්ඩ තුනේ ශූරයන්ට සහ අනු ශූරයන්ට අමතරව එම කාණ්ඩ තුනෙන් තවත් කණ්ඩායම් 2 ක් අවසන් පූර්ව වටයට ‍තෝරා ගැනීමය.

ඒ අනුව එම කණ්ඩායම් 2 අතරට පත්වීම සඳහා ‘ඒ’ කාණඩයේ තෙවැනියා ලෙස‍ කෙන්යාවත්, ‘බී’ කාණ්ඩයේ තෙවැනියා ලෙස ශ්‍රී ලංකාවත්, ‘සී’ කාණ්ඩයේ තෙවැනියා ලෙස ස්කොට්ලන්තයත් දැඩි උත්සාහයක නිරත වූහ. ‘ඒ’ කාණ්ඩයෙන් කැනඩාව සහ නවසීලන්තයත්, ‘බී’ කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව සහ සයිප්‍රසයත්, ‘සී’ කාණ්ඩයෙන් වනවාටු සහ එංගලන්තයත් අවසන් පූර්ව වටයට කල් තියාම සුදුසුකම් ලබා සිටිහ.

කෙසේ වුවත් මූලික වටයේදී එම කණ්ඩායම් ලබාගත් ලකුණු සහ ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණු අතර පරතරයන් අනුව ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ. අවසන් පූර්ව වටයේ තරග අද (5 වැනිදා) ආරම්භ වනු ඇත. එහිදී ශ්‍රී ලංකාව ‍කැනඩාවට එරෙහිව ශ්‍රී ලංකා‍ වේලාවෙන් හෙට (6 වැනිදා) අළුයම 1.30 ට තරග වැදීමට නියමිතය.

 


අදහස් (0)

කාන්තා වොලිබෝල් පිලත් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.