Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා අමාත්‍යාංශයේ 20 කට කොරෝනා

ක්‍රීඩා අමාත්‍යාංශයේ 20 කට කොරෝනා

editorial - 2021 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පී.සී.ආර්. හා ක්‍ෂණික ප්‍රතිදේහ (ඇන්ටිජන්) පරීක්ෂාවට අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් 20 දෙනකුට ආසන්න පිරිසක් මේ වනවිට කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය දින කිහිපයකදී ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් හා නිලධාරීන් 200කට ආසන්න පිරිසකගෙන් ලබාගත් නියැදි පරීක්ෂාවට අනුව 20 දෙනකුට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබේ.

මෙම තත්ත්වය තුළ දින ගණනාවක්ම රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය ඇතුළු ටොරින්ටන් පෙදෙසේ සහ එහි වෙනත් කාර්යාලවල මෙන්ම නේවාසිකාගාරවලට  පිටස්තරයන් ඇතුළු  කරගැනීම සීමාකර තිබුණි.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ කොවිඩ් රෝගීන් පිරිසක් සිටින බව තහවුරු කරගත්තත් ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු සීමිත සේවක සේවිකාවන් පිරිසක් කැඳවමින් අඛණ්ඩව පවත්වාගෙන ගිය බවයි.

කෙසේවුවත් මෙතෙක් ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිදු ඉහළ පෙළේ නිලධාරියකුට කොවිඩ් වැළඳුනු බවට වාර්තාවී නැත.

ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දෛනික කටයුතු නිරෝධායන නීති යටතේ දිගටම පවත්වාගෙන යාමට උපදෙස් ලබාදී තිබෙන බවයි.

මේ අතර නිරෝධායන නීති යටතේ ජාතික පුහුණු සංචිත කීපයක් තවදුරටත් පවත්වාගෙන යාමට අවසර ලැබී තිබේ. පී.සී.ආර්. පරීක්ෂණවලදී ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩකයන් කීපදෙනකු කොවිඩ් ආසාදිතයන් බවට පසුගිය දිනවලදී තහවුරු කරගෙන තිබේ. එසේ වුවත් සෙසු ක්‍රීඩා ඉසව්වලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවකුත් මේ දක්වා කොවිඩ් ආසාදිතයන් වූ බවට වාර්තා වී නැත.

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී පාපන්දු ක්‍රීඩකයන් හා නිලධාරීන් ගණනාවක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කරගැනීමෙන් පසු ඔවුන් ක්‍රීඩා  කරන තරග දෙකක් එම අවස්ථාවේදීම අත්හිටුවීමට නොබෝදා ආරම්භ වූ ශ්‍රී ලංකා සුපර්ලීග් පාපන්දු තරගාවලියේදී එහි බලධාරීන් කටයුතු කළේය.   

 

 


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යාංශයේ 20 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.