Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එල්.පී.එල්. තරග දෙසැම්බර් 5 දා සිට

එල්.පී.එල්. තරග දෙසැම්බර් 5 දා සිට

editorial - 2021 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 5 වනදා කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව ඇත. තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතර මංගල තරගය රාත‍්‍රී 07.30 ට පැවැත්වෙනු ඇත.

තරග 20 කින් සමන්විත පළමු වටයේ තරඟය ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් වටයේ කඩඉම් තරග 4 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ අවසන් මහා තරඟ දෙසැම්බර් 23 වෙනිදා හම්බන්තොටදී පැවැත්වෙන අතර මෙවර අවසන් මහා තරගය සඳහා අතිරේක දිනයක්ද යොදාගෙන ඇත. ඒ අනුව අවසන් මහා තරගය සඳහා දෙසැම්බර් 24 වැනිදා අතිරේක දිනයක් ලෙස නම්කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම විස්සයි-20 තරගාවලිය වන ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය අතරග 24 කින් සමන්විත වන අතර දේශීය හා ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

අවසන් මහ තරගයට කණ්ඩායම් සුදුසුකම් ලබාගන්නා ආකාරය මෙවර වෙනස් කර ඇත. ඒ අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු කඩඉම් තරගය පැවැත්වේ.

ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් දෙක අතර පරාජිතයන් ඉවත් කිරීමේ දෙවැනි කඩඉම් තරගය පැවැත්වේ. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සහ පළමු කඩඉම් තරගයෙන් පරාජයට පත්වූ කණ්ඩායම අතර අවසන් තරගය සුදුසුකම් ලබාගැනීමේ තුන්වැනි කඩඉම් තරගය පැවැත්වේ.

 

- 2079

 


අදහස් (0)

එල්.පී.එල්. තරග දෙසැම්බර් 5 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.