Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එය වාද කිරීමක් මිස බැණ වැදීමක් නොවේ

එය වාද කිරීමක් මිස බැණ වැදීමක් නොවේ

editorial - 2021 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව හමුවේ එක්දින තරගාවලිය පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකරුවා සහ නායක දසුන් ශානක අතර පිටියේදී සිදුවූයේ යයි කියන බහින්බස් වීම සම්බන්ධයෙන් අදහස් දක්වන මිකී ආතර් මහතා සිය එය යහපත් ආකාරයෙන් සිදුවූ වාද කිරීමක් මිස එයින් බැණවැදීමක් අපේක්‍ෂා නොකරන බවත් පවසයි. ඒ සම්බන්ධයෙන් මිකී ආතර්  මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 275 ආරක්‍ෂා කරගැනීමේ හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකා පිලට තිබිණ. ලකුණු 276 ක ඉලක්කයක් කරා යමින් සිටි ඉන්දීය පිලට අවසන් පන්දු 60 ද ලකුණු 67 ක් අවශ්‍යව තිබිණ. එහෙත් පන්දු 5 ක් ඉතිරිව තිබියදී ඉන්දීය කණ්ඩායම තරගයෙන් ජයගත්තේය. ඒ සමගම තරගාවලියේ ජයද ඉන්දියාව සතුවිය.

ඉන්දීය පිලේ ජයග්‍රහණයෙන් පසුව පිටියට පිවිසි මිකී ආතර්  මහතා උස් ස්වරයෙන් ශ්‍රී ලංකා නායකයාට  කිසියම් දෙයක් ප්‍රකාශ කරන ආකාරය රූපවාහිනී කැමරා වල සටහන් විය. පසුව එහි වීඩියෝ දසුන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර තරගයේ විස්තර විචාරයේ යෙදී සිටි හිටපු ශ්‍රී ලංකා පිතිකරු රසල් ආනල්ඩ් මහතාගේ බරපතළ විවේචනයටද ලක්විය.

“පුහුණුකරුවාත් නායකයාත් අතර වාද විවාද තියෙන්න පුළුවන්. ඒත් ඒ ක්‍රීඩකයන්ගේ කාමරය ඇතුළේ මිසක් පිට්ටනියේදී නෙමේ” යය ඒ සම්බන්ධයෙන් රසල් ආනල්ඩ් මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේය.

මිකී ආතර් මහතා පිළිතුරු දී තිබුණේ නිවේදකයාගේ අදහස් දැක්වීම සම්බන්ධයෙනි.

“ඇත්තම කිව්වොත් ඒක හොඳ වාද කිරීමක්. ඒකෙන් කිසියම් අයුතු යමක් නිර්මාණය කරගත යුතු නෑ” යයි ටිව්ටර් පණිවුඩයක් තබා තිබිණ. මෙම පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 5 කදී එක දිගටම ලද පස්වැනි පරාජයයි.


- 213

 


අදහස් (0)

එය වාද කිරීමක් මිස බැණ වැදීමක් නොවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.