Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇන්ඩෘෘ ෂෝන් පෙරමුණ ගනී

ඇන්ඩෘෘ ෂෝන් පෙරමුණ ගනී

editorial - 2021 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

මැන්ඩරින් රීඩ් අනුග්‍රහයෙන් එස්.ආර්.එල්. (සුපිරි රේසිං ලීගය) පළමු වරට සංවිධානය කරන ෆෝමියුලා - I විද්‍යුත් ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියරේ අවසානය තියුණු එකක් විය.

ජර්මනියේ නියුරන්බර්ග් ධාවන පථය ආශ්‍රිතව මීට සති කිහිපයකට පෙර පැවැති තරගය සෙසු තරගකරුවන්ට වඩා වැඩි පරතරයක් රඳවා ගනිමින් ජයගැනිමට ෆව්සුල් අලීම් සමත් විය. එම ජයත් සමග ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ඔහුට හැකි විය. කෙසේ වුවත් අගෝස්තු මස 28 වැනිදා බෙල්ජියමේ ස්පා ධාවන පථය ආශ්‍රිතව පැවැති තරගයේදී ලැබූ ජයත් සමග අලීම් (37) පසුකර යමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඇන්ඩෘ ෂොන් (43) සමත් විය. මේ වන විට ඔහු අලීම්ට වඩා ලකුණු 6 ක් ඉදිරියෙන් සිටියි. ‍

ශූරතාවලියේ තෙවැනි අදියර ඉතාලියේ මුගෙලෝ ධාවන පථය ආශ්‍රිතව මෙම මස 8 වැනිදා පැවැත්වෙන අතර එහිදී අලීම් සහ ෂෝන් අත‍ර ලකුණු සටහනේ පෙරමුණ සඳහා ඉතා තියුණු තරගයක් දැක බලාගත හැකිය.

‍සෙලාන් බැංකුව, අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම, මොබිල් 1, ගේම්ස් හෝම්, ජෙනරල් ඔටෝ වර්ක්ස්, ස්ටැන්වෝ ස්විම් ෂොප්, චයිනීස් ඩ්‍රැගන්, තුඩාවේ සමාගම ඇතුළු ඉහළ පෙළේ සමාගම් සහ ආයතන මෙම ශුරතාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි. එහි මාධ්‍ය ආනුග්‍රහකත්වය යස් එෆ්.එම් සහ විජය පුවත්පත් සමාගම වෙතිනි.


 

-036


අදහස් (0)

ඇන්ඩෘෘ ෂෝන් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.