Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු කුසලානයේ ඩොලර් මිලියන 6.5 ක්

ආසියානු කුසලානයේ ඩොලර් මිලියන 6.5 ක්

editorial - 2022 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)
මේ මස 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් පමණ උපයාගැනීමට හැකිවෙතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (03 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඒ බව ප්‍රකාශ කළේය.

“තරගාවලිය අපි ශ්‍රී ලංකාවේදී පැවැත්වූවා නම්, තරගාවලියේ සත්කාරකයන් වශයෙන් අපට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් 2.5 යි. එහෙනම් ඒ මුදල සංසරණය වන්නේ අපේ රට තුළදීමයි”

“ඒත් මේ වෙලාවේදී අපිට සත්කාරකයන්ගේ කොටස වශයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලැබෙනවා විතරක් නෙමේ, ප්‍රවේශපත් විකිණීමේ ආදායමෙන් තවත් ඩොලර් මිලියන 1.5 ක් ලැබෙනවා. ඒකත් එක්ක ඩොලර් මිලියන 4 ක් අපට එනවා. ඊටත් අමතරව, තරගාවලියේ ආදායමේ කොටසක් වශයෙන් ඩොලර් මිලියන 2.5 ත් 3.0 ත් අතර මුදලක් අපට ලැබෙනවා.
“ඒ හින්දා මේ තරගාවලියෙන් අපට ලැබෙන සම්පූර්ණ ආදායම ඩොලර් මිලියන 6.5 ක් විතර වෙනවා” යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පැවසීය.

ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැකි සෑම උත්සාහයක්ම ගත් නමුත් තරගාවලියේ ප්‍රධාන කොටස්කරුවන් පිරිසක් වන රූපවාහිනී නිෂ්පාදන ආයතන වලින් ඉදිරිපත් වූ බරපතළ කාරණාවක් හේතුවෙන් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගෙන යාමට සිදුවූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පැවසීය. මෙම තරගවලියේ සත්කාරකත්වය ලබාගැනීමට බංග්ලාදේශයත් උත්සාහ කළ නමුත් ආසියානු ක්‍රිකට් සභාවේ කැමැත්ත හිමිවූයේ එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවත්වීමටය.

“ඉන්දියාව ගොඩාක් උත්සාහ කළා මේ තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අනෙක් රටවල් උනන්දු කරන්න. ඒත් මේ ආකාරයේ විශාල තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ අවදානම ගැන බොහෝ සාමාජික රටවල අවධානය යොමු වුණා. යම් හෙයකින් මොකක් හරි අකරතැබ්බයක් වුණා නම්, අපේ සාමාජික රටවලුත් අපට දොස් කියාවි. මොකද එහෙම වුණා නම් අනෙක් සියලුම රටවලටත් විශාල මූල්‍ය අලාභයකට මුහුණ දෙන්න වෙනවා” යයි ද මොහාන් ද සිල්වා මහතා පැවසීය.


අදහස් (0)

ආසියානු කුසලානයේ ඩොලර් මිලියන 6.5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.