Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තර්ජාතික පාපන්දු තරගාවලියක් ලබන මාර්තුවේදී
පාපන්දු

අන්තර්ජාතික පාපන්දු තරගාවලියක් ලබන මාර්තුවේදී

editorial - 2021 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


    
(නාමල් පතිරගේ)

සය කොන් ආරාධිත ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් ලබන මාර්තු මාසයේදී කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සැළසුම්කර තිබේ. ඒ සඳහා දකුණු ආසියානු කලාපයේ රටවල් තුනක් හා අප්‍රිකානු හා ඕස්ට්‍රේලියා කලාපයෙන් එක් රටක් බැගින් සහභාගි කර ගැනීමට මේ වන විට සැලසුම් ඉදිරිපත් වී තිබේ.

2022 වසර ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ ශ්‍රී ලංකාවට කාර්යබහුල වසරක් වන බවත් මාර්තු මාසයේ අග භාගයේදී පමණ ඒ සඳහා දින වෙන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සැළසුම් කරන බවත් ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.

වසර 2008 න් පසුව ශ්‍රී ලංකාව සත්කාරය දැරූ මහින්ද රාජපක්ෂ කුසලාන සිව් ජාතින්ගේ පාපන්දු තරගාවලිය කොළඹදී පවත්වා අවසන් කළේ පසුගිය සිකුරාදා (19) ය. එහිදි කුසලාන හා ඩොලර් 30,000 ක ත්‍යාග මුදල දිනා ගත්තේ ශ්‍රී ලංකාව දඬුවම් පහර 3-1 ක් ලෙසින් පරාජයට පත් කළ සීෂෙල්ස් රාජ්‍යයයි.

අගමැති කුසලාන තරගාවලිය මෙතැන් සිට වාර්ෂිකව පැවැත්වෙන බව ජස්වර් උමාර් මහතා පවසයි.

වසර 2022 දී ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර පාපන්දු තරග අතර ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තෙවැනි තරග වටයද වේ. එහිදී ජුනි 8-11 හා 14 යන දිනවලදි සුදුසුකම් ලැබීමේ තරග තුනකට ශ්‍රී ලංකාව සහභාගි වේ. කෙසේ වුවත් එහිදී ශ්‍රී ලංකාවට මුණ ගැසෙන ප්‍රතිවාදීන් හා තරග පැවැත්වෙන ස්ථාන මෙතෙක් තීරණය වී නැත.

කටාර් -2022 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග ආසියානු කුසලාන (2023 චීනය) සුදුසුකම් ලැබීමේ තරග වට ලෙසත් යොදා ගැනේ. 2023 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුස්සන් නිර්දේශ කිරීම නව ක්‍රමයකට සිදු කෙරේ. එහිදී කාණ්‍ඩ පළමු වටයේදී ලබාගත් ප්‍රතිඵල පදනම් කර ගනිමින් සහභාගි වූ රටවල් 39 සඳහා වන නැවත සුදුසුකම් තරග වටයකට සහභාගි කෙරේ.

මෙම නව ක්‍රමයට අනුව පළමු වටයේදී සිව්වැනි ස්ථානවල පත්වූ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් අටක් එක් සුදුසුකම් තරග වටයකට යළිත් යොමු කර තිබේ. ඒ අතර පස්වැනි අවසන් ස්ථාන ලද තවත් රටවල් හතක්ද ඒ අන්දමට තවත් සුදුසුකම් නිර්දේශිත තරග වටයකට කැඳවීම් ලබා තිබේ.

මාර්තු මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිත සයකොන් ආරාධිත තරගාවලිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පාපන්දු සභාපතිවරයා පැවැසුවේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්‍ඩායම් ප්‍රවර්ධනය කෙරෙහි ජාත්‍යන්තර තරග සහභාගිත්වය තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙන බැවින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සයකොන් තරගාවලියේ සත්කාරයට උනන්දුවී සිටින බවයි.

ගෙවී යන 2021 වසරේදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගිත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාව මේ වසරේදී ජාත්‍යන්තර තරග 10 කට සහභාගි වී තිබේ. එක් තරගයක් අවලංගු කෙරුණි.

(ඡායාරූප - ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අනුග්‍රහයෙනි)


අදහස් (0)

අන්තර්ජාතික පාපන්දු තරගාවලියක් ලබන මාර්තුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.