Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ අවසන් තරගයට

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ අවසන් තරගයට

editorial - 2021 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී  පැවැත්වෙන ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි (කාන්තා) තරගාවලියේ  පළඟ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රි ලංකා ක්‍රීඩිකාවෝ අද (20 වැනිදා) සමත් වූහ.

ඔවුන් අවසන් මහ තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගයේදී පිලිපීනයට එරෙහිව ලකුණු 19-15 ක ජයක් ලබමිනි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහ දිනුමක් සමග ලකුණු රැස්කළහ. පිලිපීන ක්‍රීඩිකාවන් ලකුණු රැස්‍කළේ උත්සාහක දිනුම් තුනක්  සමගිනි‍.

තායිලන්තය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ සෙසු අවසන් පූර්ව තරගයේදී ලකුණු 22-0 ක් ලෙස මැලේසියාව පරාජය කරමිනි.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළඟ අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද  රාත්‍රී  7.52 ට ආරම්භ වීමට නියමිතය.

මූලික වටයේදී මැලේසියාවට එරෙහිව ලකුණු 12-10 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට, චීනය හමුවේ ලකුණු 57-0 ක් ලෙසත්, හොංකොං රාජ්‍යය හමුවේ ලකුණු 38-5 ක් ලෙසත් පරාජයට පත්වීම නිසා තරගාවලියේ පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.

- 036


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.