Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ඉවතට - පිටින් 2 ක් ඇතුළට

ශ්‍රී ලංකාව ඉවතට - පිටින් 2 ක් ඇතුළට

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවේදී පැවැත්වෙන 14 වැනි දකුණු ආසියානු (සාෆ්) ශූරතා පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට තහනම් වෙද්දී, ඒ සඳහා මැදපෙරදිග රටවල් දෙකක් වන ලෙබනනය හා කුවේටය ආරාධනා ලබා සිටිති.

ඉන්දියාවේ ‘බැංගලෝර්’ නුවරදී ජුනි මස 21 වැනිදා සිට ජුලි 4 වැනිදා දක්වා 14 වැනි සාෆ් පාපන්දු තරගාවලිය පැවැත්වේ. මෙවර ශ්‍රී ලංකාව සහභාගි නොවුණත්, තරගාවලියට එක්ව සිටින රටවල් ගණන අටක් දක්වා ඉහළ ගොස් තිබේ.

1993 දී ආරම්භ වූ මෙම තරාගවලියට ශ්‍රී ලංකාව සහභාගි නොවන පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සත්කාරය සඳහා ඉදිරිපත් වීමටත්  සූදානම්ව සිටියදී පසුගිය ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර පාපන්දු තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවට දකුණු ආසියානු පාපන්දු තරගාවලිය අහිමි විය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් මෙම ජාත්‍යන්තර තහනම පනවා පසුගිය මැයි 21 වැනිදාට මාස හතරක් ඉක්මවා ගොස් තිබෙන නමුත් එය ඉවත් කරවා ගැනීමට කිසිදු ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවේ වගකිව යුතු පාර්ශ්ව වෙතින් ඉදිරිපත් කර නැත.

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභාව බහරේන්හි පැවැති ආසියානු සමුළු රැස්වීම අතරතුර ප්‍රකාශ කළේ, තරගාවලියේ ජීව ගුණය හා තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා දකුණු ආසියානු කලාපයෙන් පිටස්තර ප්‍රබල කණ්ඩායම් දෙකකට ආරාධනා කිරීමට තීරණය කළ බවයි.
කෙසේ වුවත්, ගිය වතාවේදීත්  (2021) ඇතුළුව මෙම තරගාවලියේ වැඩිම වාර ගණනක් (අට වතාවක්) කුසලාන දිනා සිටින ඉන්දියාවට මෙවර එම උත්සාහයේදී මැද පෙරදිග ආගන්තුක රටවල් දෙකෙන් ප්‍රබල තර්ජනයක් එල්ලවනු ඇත.

තරගාවලි කිහිපයකට සහභාගි වෙමින් වසර 2013 දී අනුශූරතාව හිමිකරගත් ඇෆ්ගනිස්ථානය, අනතුරුව 2015 තරගාවලියට එක්වීමෙන් පසුව එයින් ඉවත් වූ රටකි. අවසන් වරට 2021 මාලදිවයිනේදී පැවැති තරගාවලියේදී එහි ශූරයන් වූ ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් 50,000 ක මුදල් ත්‍යාගයක් ප්‍රදානය කෙරුණි.

බැංගලෝර් හි ශ්‍රී කාන්තිරාධා ක්‍රීඩාංගණයේදී කුවේට් හා නේපාලය අතර තරගයෙන් 14 වැනි සාෆ් පාපන්දු තරගාවලිය ඇරැඹේ.  

1995 දී, එවකට සාක් රන් කුසලාන ලෙසින් හැඳින්වුණ මෙම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඒ, කොළඹදී පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජයට පත් කරමිනි. ඉන්දියාව හැරෙන්නට මාලදිවයින ද මෙම තරගාවලියේදී අවස්ථා දෙකකදී (2008-2018) කුසලාන දිනා තිබේ.

මූලික වටයේදී සත්කාරක ඉන්දියාව, කුවේටය, නේපාලය හා පාකිස්තානය ‘ඒ’ කාණ්ඩයෙන් හා ලෙබනනය, මාලදිවයින, භූතානය හා බංග්ලාදේශය ‘බී’ කාණ්ඩයෙන් ද ලීග් ක්‍රමයට තරග වදිති. තරගාවලියේ නිල කාල සටහන එළිදැක්වීම ඉකුත්දා නවදිල්ලි නුවරදී සිදු කෙරුණි.


අදහස් (0)

ශ්‍රී ලංකාව ඉවතට - පිටින් 2 ක් ඇතුළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.